ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන ප්‍රකාශන නව පොත් අලෙවි සැලක් මාලිගාකන්දේ

    නොවැම්බර් 24, 2014

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නව පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ මරදාන, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් ශාඛාවේ විවෘත කරනු ඇත.


    මිලියන 04කට අධික පාසල් සිසු දරු දැරියන්ගේත් පිරිවෙන් සිසුන්ගේත් අවශ්‍යතා කලට වේලාවට සැපයීමට සියලු පියවර ගෙන ඇති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගුරු භවතුන් හා සිසුන් ඇතුළු සමස්ත පාඨක ප්‍රජාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පෙළපොත්, විෂයානුබද්ධ පොත්, ගුරු මාර්ගෝපදේශ, විෂය නිර්දේශ හා අතිරේක කියවීම් පොත් ඇතුළු රාශියක් ප්‍රකාශයට පත් කරනු ඇත.

    පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සා/පෙළ), අ.පො.ස (උ/පෙළ) ඇතුළු ප්‍රධාන විභාගවලට අත්වැලක් සපයනු වස් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය මුද්‍රණය කොට බෙදාහැරීමට ද මේ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. සියලු පොත් පාඨක අවශ්‍යතා අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා 03න් ම එළිදැක්වීම සිදු කරන නිසා ඒවා සහනදායී මිලකට මිලට ගැනීමට පාඨකයාට අවස්ථාව තිබේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya