ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය

    නොවැම්බර් 24, 2014
    ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 690,000,000ක මුදලක් වැය කිරීමට රජය තීරණය කොට ඇත. 
     
    මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහභාගිත්වයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘති දියත් කිරීමේ ඒකකය මගින් ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් CAMCE ​සමාගම සමඟ අදාළ ගිවිසුමකට එළැඹීමට ද නියමිතය.
     
    මෙම ව්‍යාපෘතිය විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අතුරලිය, වැලිගම, මුලටියන, මාලිම්බඩ, තිහගොඩ, දික්වැල්ල හා කිරින්ද පුහුල්වෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පානීය ජලය ඝන මීටර් මිලියන 71ක් ලබාදීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, බෙලිඅත්ත, අඟුණකොළ පැලැස්ස, සූරියවැව, හම්බන්තොට නගරය හා අම්බලන්තොට ප්‍රදේශ සඳහා පානීය ජලය ඝන මීටර් මිලියන 47ක් ලබාදීම, මහ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත හා වාණිජ කෘෂිකර්මය සඳහා ජලය ඝන මීටර් මිලියන 193ක් ලබාදීම, හම්බන්තොට දැනට වගාකරන කුඹුරු සඳහා යලමහ දෙකන්නයට ජල සැපයුම සුරක්ෂිත කිරීම හා ඊට අමතරව නව වගාබිම් හෙක්ටයාර් 8500කට ජලය සැපයීම හා වාර්ෂික ව ගිගාවොට් පැය 70ක පමණ ජල විදුලි බලය නිෂ්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම සිදු කෙරෙනු ඇත.
     
    මීට අමතර ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල භූගත ජල මට්ටම ඉහළ යෑම මගින් එම ප්‍රදේශවල කෘෂි ඵලදායිතාව වැඩිවීම හා ඇතිවන අනෙකුත් පාරිසරික යහපත් බලපෑම් සිදුවීමත් ඇති වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya