ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බටහිර බලවේග දුර්වල පාලකයෙක් පත්කර ගැනීමට උත්සාහ කරනවා

    නොවැම්බර් 25, 2014
    කිසිම වදගත්කමක් නැති, මහජනයා පිළිබඳ ව අවබෝධයක් නැති දුර්වල පාලකයෙක්, මේ රටේ පාලකයා කරගත්තොත්, බටහිර බලවේගවල අභිලාෂයන් දුර්වල රාජ්‍ය නායකයා හරහා ඉටුකරගැනීමට හැකිවන බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.
     
    ඔවුන්ට අවශ්‍ය  ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටෙන් ඉවත් කිරීමට බවත් ඒ නිසා බටහිර ඊනියා බලවේග අද එජාපය සමඟ එකතු ව සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
     
    යුද්ධය අවසන් වුව ද එහි බිහිසුණු අවතාර වර්තමානයේ ද බටහිර රටවල හොල්මන් කරන බවත් කී අමාත්‍යවරයා යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ දේවල් ජාත්‍යන්තර සංවිධාන හරහා ලබාගන්නට උත්සහ ගන්නා බවත් කීය.
     
    විවිධ තහංචි, බාධක ගෙනවිත් අපේ රාජ්‍ය නායකයා අපහසුතාවයට පත් කොට රට අස්ථාවර රටක් බවට පත් කොට ඔවුන්ට යුද්ධයෙන් දිනාගන්න බැරි වූ බොහෝ දේ ලබාගන්නට කැස කවන වේලාවක් බවත් ඒකට තිබෙන ප්‍රධාන බාධකය  මහින්ද රාජපක්ෂ කියන ප්‍රතාපවත් චරිතය බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    බටහිර රටවල් එජාපය සමඟ එකතු වී දුර්වල රාජ්‍ය නායකයෙක් පත් කරගන්නට උත්සාහ ගන්නා බවත් ඔවුන් එමඟින් විවිධ කුමන්ත්‍රණ කොට යුද්ධයෙන් දිනන්න බැරි වූ දේවල් ලබා ගන්නට උත්සහ ගන්නා බවත් කීය.
     
    මැතිවරණයක්  කුමක් වුවත් කුරුණෑගල අපිට තරගයක් දෙන්නට පුළුවන් බවත් මේ මැතිවරණය දී කුරුණෑගලින් ඉහළ ජයග්‍රහණයක් අත්කර දීමට අපිට  ශක්තිය තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කුරුණෑගල පැවැති ජන හමුවක් අමතමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya