ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලින් ලංකාව මූලස්ථානයක්

    නොවැම්බර් 25, 2014
    අද දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලින් ලංකාව මූලස්ථානයක් වී ඇති බවත් ඒ නිසා රුක්රෝපණය ඉතාමත් වැදගත් වන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.
     

    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව කොළඹ, කුරුඳුවත්ත පොලිස් ස්ථානය ආශ්‍රිත ව පැවති කොළඹ දිස්ත්‍රික් රුක්රෝපණ වැඩසටහනේ දී ය.
     
    ජාතික රුක්රෝපණ දිනය සැමරීම සඳහා කුරුඳුවත්ත පොලීසිය තෝරා ගත්තේ මේ පොලිසිය එදාට වඩා අද පරිසරයට ආදරය කරන පරිසරය ආරක්ෂා කරන ස්ථානයක් වෙලා නිසයි. අද කොළඹ වෙනදාට වඩා ලස්සන වෙලා. අපේ රටේ වනාන්තර විනාශවෙමින් පවතී. පරිසර හිතකාමී ගස් වර්ග අභාවයට ගිහින්, අද සමහරු කැලෑ බෙහෙත් ගස් හඳුනන්නේ නැහැ. අත් බෙහෙත් තරුණයන් දන්නේ ම නැහැ. අද කාන්තාවන්ගේ අත් බෑග්වල වැඩියෙන්  ම තියෙන්නේ පෙනඩෝල්. 1505 දී පෘතුගීසින් පැමිණීම නිසා ඇති වූ විනාශයට එක් හේතුවක් වන්නේ දේශීය බෙහෙත් වර්ග නැති වී යාමයි. කොළඹ නගරයේ ලක්ෂ විස්සක පමණ ජනගහනයක් සිටිනවා. වාහන විශාල සංඛ්‍යාවක් සැරිසරනවා. මේ නිසා පරිසරය විනාශ වෙමින් පවතිනවා. ගසුත් මිනිසාත් අතර අවියෝජනීය සම්බන්ධයන් තියෙනවා. ඒ නිසා ශාක ප්‍රජාව ඉතාමත්ම වැදගත්.  මේ නිසා ශ්‍රී ලංකාවේ වන ආවරණය වැඩි කිරීමේ ඉලක්කයක් ලෙස මෙම නගරය තෝරා ගැනීම පිළිබද මධ්‍යම පරිසර අධිකාරියට, ශ්‍රී ලංකා පොලීසියට ස්තූතිවන්ත වෙනවා යැයි ද ඔහු සඳහන් කළේය.

     
    මෙම වැඩසටහන පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව සංවිධානය කර තිබුණි. මෙහිදී දේශීය ආයුර්වේද සංකල්පය අරමුණු කර ගනිමින් පරිසර හිතකාමී පරිසරයක් ඇති කිරීමට ඖෂධීය ශාක රැසක් මෙම භූමිය තුළ රෝපණය කළ අතර එහි ආඩතෝඩා, කෝමාරිකා, කප්පරවල්ලිය, පොකුරු වද, සැවැන්දරා, කටු අනෝදා වැනි ඔසු පැළ රෝපණය කළ බව කොළඹ දිස්ත්‍රික් පරිසර නිලධාරී දිමුතු ලක්මිණි කුමාරතුංග මහත්මිය ද පැවසුවාය.
     
    මෙම අවස්ථාවට කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ගීතාමණී කරුණාරත්න, සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති දෙල්ගහපිටිය යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
     

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya