ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ගොවීන්ට බිත්තර වී ලබා ගැනීම සඳහා මුදල්

    නොවැම්බර් 25, 2014

    සුළු පරිමාණ ගොවීන්ට බිත්තර වී ලබා ගැනීම සඳහා මුදල් ලබා දීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යන්තම්පලාව ගොවිජන බල ප්‍රදේශයේ ගොවීන්ට චෙක්පත් ප්‍රදානය කිරීම පසුගියදා සාරගම පන්සලේ දී උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාරය ලබන සුළු පරිමාණ ගොවීන්ට 2014/2015 මහ කන්නය සඳහා මුදල් ලබා දීමේ වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 තුළම ක්‍රියාත්මක වේ.

     

    මේ යටතේ කුඹුරු අක්කරයක් සඳහා වී බුසල් 2ක් මිළදී ගැනීමට බුසලකට රුපියල් 1400 බැගින් රුපියල් 2800ක මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා චෙක්පත් මඟින් ගොවීන් වෙත ලබා දීම සිදු කරයි.

     

    මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 155000කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සුදුසුකම් ලබා ගෙන ඇති අතර දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය විසින් රුපියල් මිලියන 525ක් ලබා දී ඇත.


    SDF/AK_dmu_kurunagala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya