ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණයට රජරටින් උපරිම ශක්තිය - අනුරාධපුර මහජන නියෝජිතයෝ ප‍්‍රතිඥා දෙති

    නොවැම්බර් 26, 2014

    ජනාධිපති මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රජරටින් උපරිම ශක්තිය ලබා දෙන බව සහතික කරමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු ම මහජන නියෝජිතයෝ ප‍්‍රතිඥා දුන්නාහ.


    අනුරාධපුර එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජිත සම්මේලනය ඊයේ (25) දා පළාත් සභා ශ‍්‍රවණාගාරයේදි පැවති අතර අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරු උතුරු මැද පළාත් සභා මැති ඇමතිවරු පළාත් පාලන ආයතන සභාපතිවරු සහ මන්ත‍්‍රීවරුද ආසන සංවිධායකවරුද මෙම අවස්ථාවට එක් වෙමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජය සහතික කරන බවට සපථ කළහ.


    කලාවැව ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා; - මෙහිදි අදහස් දක්වමින්; මැතිවරණ සුනාමියක් පැවතියද ජනාධිපතිතුමා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටින බවත් යුද සමයේ අභියෝග පිට අභියෝගවලට අභීතව මුහුණ දී ත‍්‍රස්තවාදය අවසන් කොට රටට සාමය උදාකළ බවත් ඉදිරි ජනාධිපති වරණයේදි ජනාධිපතිතුමාට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දීමට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාව සුදානමින් සිටින බවත් පැවසීය.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා; - ශ‍්‍රී.ල.නි.පක්‍ෂය පාවා දුන් පොදු අපේක්‍ෂකයාට හැකි නම් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පස් දෙනකු ගන්නා ලෙස අභියෝග කරන බවත් රටත් ජාතියත් පක්‍ෂයත් වෙනුවෙන් උතුරු මැද පළාතේ ජනතාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් කීය.


    මිහින්තලේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අදහස් දැක්වු උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ මහතා; - මිහින්තලේ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායකවරයා පොදු අපේක්‍ෂකයාට එක් වුවත් මිහින්තලේ එක් ඡන්දදායකයෙකුවත් ඔහු පසුපස නොයන බවත් ජනාධිපතිතුමාට ආදරය කරන ජනතාව එතුමාගේ ජය සහතික කරන බවත් පැවසීය.


    මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක කාන්තා කටයුතු සහ ළමා සංවර්ධන අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා; - පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වු පසු එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත් කරන බව දෙවියෝ අකම්පිත වෙලා මෛත‍්‍රිගේ කටින් පිට කළ බවත් අගමැති පත්කරන්නේ කෙසේ දැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීමට තරම්වත් නොහැකි පුද්ගලයෙකුට ජනාධිපතිකම බාර දීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ද මෛත‍්‍රීට වැරදුණ තැන එතන බව ද කීය.

     

    අනුරාධපුර දිස්ත‍්‍රික්  පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ සංසදයේ සභාපති මිහින්තලා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අනුර මෙන්ඩිස් මහතා; -ගිලෙන නැවකට මීයෙක්වත් ගොඩ වන්නේ නැහැ. විසි නව වෙනි වතාවක් පැරදුණ එ.ජා.ප.යට සිරිසේන මහතා ගොඩ වුවත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සිහි බුද්ධිය ඇති කිසිවකු පොදු අපේක්‍ෂකයා පසුපස නොයන බවත් ජනාධිපතිතුමාගේ ජය සහතික කිරීම ඉර හඳ වගේ විශ්වාස බවත් කීය.

     

    උතුරු මැද පළාත් පාලන සභාපතිවරුන්ගේ සංගමයේ සභාපති සහ මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.බී.එන්. ජයසුන්දර මහතා; -කොටි ත‍්‍රස්තවාදීන්ගේ අනේකවිධ තාඩන පීඩනවලට ලක් වු මායිම් ගම්මානවල මිනිසුන්ට පමණක් නොව සමස්ත ජාතියට ම ජීවත් වීමේ අයිතිය ලබා දුන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතාව නොවෙනස්ව පෙළ ගැසී සිටින බව කීය.

     

    අනුරාධපුර නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා - ජාතියේ ඉරණම විසඳු ජනාධිපතිතුමා පරාජය කළ හැකි අපේක්‍ෂකයකු තවම මේ රට තුළ ඉපදී නැති බව කීය.

     

    අනුරාධපුර බටහිර මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා;  - ත‍්‍රස්තවාදීන් විසින් ලේ විලක් බවට පත් කර තිබු රටට සාමය උදාකිරීම උදෙසා එ.ජා.ප.ය අතහැර ජනාධිපතිතුමා සමග තමා එක් වු බවත් ජනාධිපතිතුමා වැනි අභීත ජන නායකයකුට කෙනෙහිලිකම් කිරීම මෙලොව දීම විපාක දෙන පාප කර්මයක් බවත් පොදු අපේක්‍ෂකයාට මැතිවරණයෙන් පසු එය අවබෝධ වනු ඇති බවත් කීය.

     

    කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී ගමගේ වීරසේන මහතා- රට සහලින් ස්වයංපෝෂිත කොට ගැමි ආර්ථිකය සවිමත් කළ ජනාධිපතිතුමාට බල ලෝභි අවස්ථාවාදීන් එරෙහි වුවත් මේ රටේ අහිංසක ජනතාව එතුමා දේවත්වයෙන් සලකන බවද ඉදිරි මැතිවරණයේදි පොදු අපේක්‍ෂකයා අන්ත පරාජයට පත් කිරීමට ජනතාව පෙළ ගැසී සිටින බව ද කීය.

     

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා -රටට සාමය උදාකර දැවන්ත සංවර්ධනයක් ජාතියට ලබා දුන් ජනාධිපතිතුමා පරාජය කිරීමට තරම් කිසිදු බලවේගයක් රට තුළ නැති බව කීය.

     

    සාම්ප‍්‍රදායක කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා නියෝජනය කරමින් පළාත් මන්ත‍්‍රී පී.බී. කුමාර මහතා; - තම ජීවිතය පරදුවට තබා ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය අවසන් කිරීමේදි ඇතැම් බටහිර රාජ්‍යයන්ගේ තර්ජන ඉදිරියේ අභීතව කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ දිවිහිමියෙන් කටයුතු කරන බව කීය.


    HC

    SLFP Anuradhapura members

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya