ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කන්තලේ සීනි කර්මාන්තායතනය වසර 25කට පසු යළි ඇරඹීමට පියවර

    නොවැම්බර් 30, 2014

    වසර විසි පහක් පුරා වල් බිහිවෙමින්, යන්ත්‍ර සූත්‍ර දිරාගිය කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පියවර ගෙන තිබේ.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “මහින්ද චින්තන“ ඉදිරි දැක්මට අනුව එතුමාගේ උපදෙස් මත සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ලබන දෙසැම්බර් 04 වැනිදා අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා සහ මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කන්තලේ දී සිදුකිරීමට නියමිතය.

     

    මෙවර අය-වැය යෝජනා මඟින් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට රුපියල් මිලියන 5,000ක් වෙන් කර දී තිබේ. එය කන්තලේ  කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමටත් විශාල ශක්තියක් වන බව අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි. කන්තලේ ගොවි පවුල් විසින් උක් වගා කටයුතු ආරම්භ කරනු ලැබීම ද කම්හලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමට සමගාමී ව සිදුකරනු ලබයි. උක් මෙට්රික් ටොන් 01ක් සඳහා උක් ගොවියාට ගෙවන මුදල රු. 4500ක් දක්වා වැඩිකිරීමට ද ජනාධිපතිතුමා 2015 අයවැයෙන් යෝජනා කළේය.

     

    මේ වනවිට දේශීය සීනි නිෂ්පාදනය නැංවීම සඳහා සෙවණගල, පැල්වත්ත හා හිඟුරාණ සීනි නිෂ්පාදන කම්හල්වල දායකත්වය සපයනු ලබයි. රජය විසින් සීනි කර්මාන්ත ශාලා ප්‍රතිසංවිධානය කරනු ලැබීම තුළින් දේශීය සීනි නිෂ්පාදනය 05% සිට 10% දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව පසුගිය තෙවසර තුළ දේශීය සීනි නිපැයුම දෙගුණයකින් වැඩි කර ගෙන තිබේ.

     

    සීනි කර්මාන්තය අද ලාභදායී මට්ටමකට ගෙන ඒමට රජය පියවර ගෙන තිබෙන අතර සීනි නිෂ්පාදනයෙන් ලැබූ ලාභ කොටසක් උක් ගොවීන් සඳහා දිරි දීමනා ලෙස ද මේ වනවිට ලබා දී තිබේ. ඒ අනුව පැල්වත්ත ගොවි මහත්ම මහත්මීන් 4,226 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 648කුත්, සෙවණගල ගොවි පවුල් 2,098 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 780කුත් දිරි දීමනා ලෙස ලබා දී තිබේ.


    එමෙන් ම පැල්වත්ත කර්මාන්ත ශාලාවේ සේවක මහත්ම මහත්මීන් 3,201 දෙනෙකු වෙත ලක්ෂ 888කුත්, සෙවණගල කම්හලේ සේවක මහත්ම මහත්මීන් 790 දෙනෙකු වෙත ලක්ෂ 600කුත් ලබා දී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya