ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විපක්ෂයට අවශ්‍ය වන්නේ ඔළු දෙකේ විධායකයක් නිර්මාණය කිරීමටයි

    නොවැම්බර් 30, 2014
    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මංගල සමරවීර, තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ ප්‍රකාශවලට අනුව මෙවර විපක්ෂයේ පොදු අපේක්ෂාව වී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නො ව අර්ධ විධායක ජනාධිපතිවරයෙකු සහ අර්ධ විධායක අගමැතිවරයෙකු නිර්මාණය කරගනිමින් ඔළු දෙකේ විධායකයක් මෙරට තුළ ස්ථාපනය කිරීම බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ දී ඖෂධ පනත පවා රැකගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට, ජාත්‍යන්තර බලපෑම් හමුවේ රටත්, රටේ ජනතාවත් ආරක්ෂා කරගැනීමට ශක්තියක් තිබේද? යන්න ගැටලු සහගත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  ජනසෙවණ ප්‍රජාශාලා ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ජාතික මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 
     
    මෙම උත්සවය ඊයේ (29) දින පිළියන්දල විශ්වකලා ගම්මානයේ දී පැවැත්විණි.
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 46ක වියදමින් පිළියන්දල විශ්වකලා ගම්මානයේ නව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් කටයුතු මෙදින ආරම්භ කෙරිණ.
     
    ‘‘මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ‘‘ජනසෙවණ නගමු පුරවර” වැඩපිළිවෙළ යටතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රජාශාලා 70ක් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙ යටතේ සිදුකෙරේ.  
     
    මේ සඳහා වැයකරන මුදල රුපියල් ලක්ෂ 1300කි.
     
    මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ, කැස්බෑව නගරාධිපති සුමන රණවීර, එහි උප නගරාධිපති හේමාල් ධර්මප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණි ද සිල්වා, ඉදිකිරීම්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්  පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya