ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් සංවිධායකවරු රැසක් ශ‍්‍රී.ල.නි.ප.යට

    දෙසැම්බර් 02, 2014

    සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරු රැසක් එම පක්‍ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය, විජයග‍්‍රහණයක් බවට පත් කිරීම සඳහා ඊයේ (01) සවස ශ‍්‍රී.ල.නි.ප.යට එක්වූහ.


    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා හමු වී ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී පක්‍ෂයෙන් ඉවත් වූයේ අනුරාධපුර නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ ප‍්‍රධාන සංවිධායක උපාලී සමරජීව, කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ ප‍්‍රධාන සංවිධායක සුරංග දිසානායක, අනුරාධපුර බටහිර මැතිවරණ කොට්ඨාසයේ සම සංවිධායක රුවන් හේමරත්න එම මැතිවරණ කොට්ඨාසයේ සම සංවිධායක ටී.ඒ.ජී. ගුණරත්න, හොරොව්පොතාන සම සංවිධායක එස්.අයි.කේ. කස්තුරිආරච්චි යන මහත්වරුන්ය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් භික්‍ෂු බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් කළුන්දැගම ගුණරත්න, අනුරාධපුර දිස්ත‍්‍රික් භික්‍ෂු බල මණ්ඩලයේ සභාපති කවරක්කුලමේ සද්ධාතිස්ස හිමිවරුන්ද ශ‍්‍රී.ල.නි. පක්‍ෂයට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ දිස්ත‍්‍රික් ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් නිමල් ජයවික‍්‍රම මහතා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් වෘත්තීය සමිති සංගමයේ වෘත්තීය සංගම් ප‍්‍රධාන ලේකම් නෙවිල් කරුණාරත්න මහතා ද එම පක්‍ෂයෙන් ඉවත් වී ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ සවිමත් කිරීම සඳහා එක් වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya