ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වැලිකඩ බන්ධනාගාර නේවාසික රැඳවියන් සඳහා අක්ෂි සායනයක්

    දෙසැම්බර් 02, 2014

    වැලිකඩ බන්ධනාගාර නේවාසික රැඳවියන් සඳහා අක්ෂි සායනයක් පවත්වා ඇස් කණ්ණාඩි බෙදා දීමක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පෙරවරු 9.00ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්වේ.


    නේවාසිකයන් 1000ක් දෙනා සඳහා මෙහිදී ඇස් කණ්ණාඩි ලබා දෙන අතර සමාජ සේවා අමාත්‍යාංශයේ දායකත්වය මේ සඳහා ලබා දී ඇත.

    මීට සමගාමීව රැඳවියන් සඳහා රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනාකමින් යුත් ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමක් ද සිදු කරනු ඇත. වොලිබෝල්, නෙට්බෝල්, බැට්මින්ටන්, චෙස් ඇතුළු ක්‍රීඩා රැසකට අයත් ක්‍රීඩා භාණ්ඩ මීට අයත් වේ.

    නේවාසිකාගාර රැඳවියෙකු විසින් නිර්මාණය කරන ලද "ස්වර්ණමාලී කාව්‍ය සංග්‍රහය" නම් පොත එළිදැක්වීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

    එක් රැඳවියෙකු සඳහා නිවසක් ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ප්‍රදානයක් ද මෙදින සිදු කිරීමට නියමිත අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව සමස්ත සමාජයේ ම ආකල්පවල වෙනසක් ඇති කිරීමේ අරමුණින් මේ වැඩසටහන් සංවිධානය කර තිබේ.

    නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි, අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya