ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මිහින්තලේ ප‍්‍රාදේශීය සභා අය-වැය දෙවැනි වර සම්මතයි - විපක්ෂ නායකගේ ඡන්දයත් පක්ෂව

    දෙසැම්බර් 02, 2014

    මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ 2015 වර්ෂය සඳහා දෙවන වර ඉදිරිපත් කළ අය-වැය විපක්‍ෂ නායක ලලිත් ඉදිරිසිංහ මහතාගේ ද ඡන්දය සහිතව වැඩි ඡන්ද හතකින් සම්මත වේ.


    ඉකුත් 27 බ‍්‍රහස්පතින්දා මිහින්තලේ ප‍්‍රාදේශීය සභා අය-වැය ලේඛනය සභාපති යූ.බී. සිරිසේන මහතා ඉදිරිපත් කළ අතර එය වැඩි ඡන්දයකින් පරාජයට පත් වුයේ උප සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු හතර දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බැවිනි.

     

    පළමුවර අය-වැය පරාජය වීමෙන් අනතුරු ව දෙවෙනි වර ඊයේ (02) සභාපතිවරයා විසින් අය-වැය ලේඛනය ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ සභාපති යූ.බී. සිරිසේන, උප සභාපති ලාල් සෙනෙවිරත්න, මන්ත‍්‍රීවරුන් වන ඩබ්ලිව්. හේමරත්න, අනුර මෙන්ඩිස්, අනිල් පුෂ්පානන්ද, චමින්ද සම්පත් දිසානායක සහ විපක්‍ෂ නායක ලලිත් ඉදිරිසිංහ යන මහත්වරු අය-වැයට ඡන්ද හතක් (07) පක්‍ෂ ව භාවිත කළ අතර විපක්‍ෂව මද්දුම බණ්ඩාර (එ.ජා.ප.) සහ අජිත් කුමාර (ජ.වි.පෙ.) මන්ත‍්‍රීවරු දෙදෙනා ඡන්දය භාවිත කළහ.

    මේ සභා වාරයේ දී පසුගිය අය-වැයට විරුද්ධව ඡන්දය දුන් ලලිත් එදිරිසිංහ විපක්‍ෂ නායකවරයා පක්‍ෂව ඡන්දය භාවිත කිරීම විශේෂ සිදු වීමක් විය. පළමු වර අය-වැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ සභාපතිවරයා සහ ඩබ්ලිව්. හේමරතන මන්ත‍්‍රීවරයා පමණක් වූ අතර මෙවර ඉතිරි ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු ඡන්දය පාවිච්චි කිරීම ප‍්‍රාදේශීය සභාවේ සිදු වූ තවත් විශේෂත්වයක් විය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya