ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හරිත බලශක්ති සංවර්ධනයට පියවර

    දෙසැම්බර් 02, 2014

    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදයුණු කිරීමේ ආයෝජන වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා ඇ.ඩො. මිලියන 300ක මුල්‍යාධාර ලබා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති බව මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    පිවිතුරු බලශක්ති උත්පාදනය, පද්ධති කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය වැඩිකිරීම මඟින් පිවිතුරු හා විශ්වාසදායි බලශක්ති සම්පාදනයකට ඇති ප‍්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් රජය මෙම සාකච්ඡා පවත්වා තිබේ.

    ශී‍්‍ර ලංකාවේ නැගී එන ආර්ථික කි‍්‍රයාකාරකම් සමඟ විදුලිබල ඉල්ලුම ශීඝ‍්‍ර ලෙස වැඩිවෙමින් පවතින බවත් දැනට 96%ක් වන ජාතික විදුලිකරණ ප‍්‍රතිශතය වැඩිකිරීම සහ අනාගත විදුලිබල ඉල්ලුම සපුරාලීම සඳහා වසර 2020 වන විට මෙගා වොට් 2502ක අතිරේක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කළ යුතු ව ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.

    ඒ නිසා රජය අවම පිරිවැයකින් බලශක්ති සුරක්ෂිතතාව ඇති කිරීමටත් බලශක්ති ප‍්‍රභවය විවිධාංගීකරණය සහ පිවිතුරු හා සාම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවය උත්පාදනය සඳහා යොදා ගැනීම දිරිමත් කිරීමටත් ප‍්‍රමුඛතාව ලබා දී ඇත. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya