ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමක නිලධාරීන් 1200ක් බඳවා ගැනීමට පියවර

    දෙසැම්බර් 02, 2014

    2015 දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමක නිලධාරීන් 1200ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මාතර බන්ධනාගාරයේ සියලු ම නේවාසික රැඳවූවන්ගේ දරුවන් සඳහා පාසල් අභ්‍යාස පොත් ලබාදුන් අවස්ථාවට එක්වෙමිනි‍.

    අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර තුළ සිටින නිලධාරීන් සඳහා උසස්වීම් ලැබීමට අවස්ථාවක් ලැබී නොතිබුණු බවත් මේ වන විට ඒ තත්ත්වය ඉවත් කර  තිබෙන බවත් සඳහන් කළේය.

    අවුරුදු 15කින් සාමාන්‍ය නියාමකවරයෙකුට සාජන් ලෙස උසස්වීමට නොහැකි වී තිබුණි. මෙසේ අවුරුදු ගණනක් උසස්වීම් නොතිබුන නිසා සමහර ජේලර් තනතුරුවල පුරප්පාඩු තිබේ. ඒ තත්ත්වය අපි දැන් වෙනස් කළා. දැන් එසේ උසස්වීම් ලැබීමට දොරවල් විවෘත වෙලා තිබෙනවා. අපි ඒකට කටයුතු යොදා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ ව විවිධ මත පුවත්පත්වල පළවන අතර ඒවා මේ දරුවන්ට බලපානවා. හොඳ දරුවෙකු හදන පරිසරය තුළ අම්මාගේ තාත්තාගේ පෞරුෂය ගෙදරක තියෙන්න ඕනෑ.  අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුත් තාක්ෂණික උපකරණ ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා බන්ධනාගාරවල තිබෙන හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පුළුවනි. සේවක හිඟය නිසා අපට ටිකක්  වැඩ වැඩියි. ඒ නිසා 2015 දී නියාමකවරුන් 1200ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට ක්‍රියා කරන බවත් එවිට මේ නිලධාරීවරුන්ට ලොකු සහනයක් ලැබේයැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය. 

    ඒ වගේ ම මම අපේ මේ රැඳවි මිත්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපට තිබෙන්නේ තමුන්නා‍සේලාට රැකවරණය හා ආරක්ෂාව ලබා දීමයි. අපි ඒක උපරිම විදියට දෙනවා. මේක ඇතුළේ ඉන්නකන් දරුවන්ට දෙමාපියන් කෑම දෙනවා වගේ සලකනවා. මම නිතරම අහන්නේ මොවු‍න්ගේ ආහාර වේල කෙසේද කියායි. ඉස්සර බන්ධනාගාර රැඳවියන් වහල මත නැග්ගේ කෑම ප්‍රශ්න නිසයි. දැන් ඒවා නැහැ. අද මේ දූ දරුවන් සමඟ එකට එකතුවෙලා සිටීමට අවස්ථාව ලබා දීම ගැන අපේ අධිකාරීතුමාට සහ නිලධාරී මණ්ඩලයටත් ඒ ත්‍යාග ලබා දුන් පරිත්‍යාගශීලීන්ටත් ස්තූතිවන්ත වන අතර මම මේ දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ අපි මේ දුන්න දේට වඩා වැඩියෙන් හිතලා තමන්ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ පපුව ඇතුළේ තිබෙන වේදනාවන් ධෛර්යයක් බවට පත්කර‍ගෙන මේ බන්ධනාගාරය තුළ ඉන්න තාත්තා හෝ අම්මාට කොතන හිටියත් සැනසෙන්න අවස්ථාව ලබාදෙන ලෙස කටයුතු කරන ලෙස යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya