ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ "සිටි සෙන්ටර්" ඉදිකිරීම් ඇරඹේ

    දෙසැම්බර් 03, 2014
    යෝජිත කොළඹ "සිටි සෙන්ටර්" හි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (02) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබිණි.
     
    2018 වසරේ දී ඉදිකිරීම් කටයුතු නිමා කිරීමට අපේක්ෂිත මෙම කොළඹ "සිටි සෙන්ටර්" සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
     
    මෙම සුපිරි සාප්පු සංකීර්ණයේ පළමු අදියර යටතේ වර්ග අඩි 1,000,000 ප්‍රමාණයක් තුළ විවිධ සේවාවන් 48ක් ලබාගත හැකි ආකාරයෙන් ඉදිකෙරේ.
     
    අබාන්ස්‌ සමූහ ව්‍යාපාරය සහ සිල්වර් නීඩ්ල් සමාගම මේ සඳහා සහය දක්වති. 
     
    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩී (Robyn Mudie) මැතිනිය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ, සිල්වර් නීඩ්ල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඉක්‌බාල් ජුමාබෝයි, අබාන්ස්‌ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි අබාන් පෙස්‌ටන්ජි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya