ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාවර නායකත්වය සමඟ ඉන්නවා යැයි පෙන්වන්නට ජනාධිපතිවරණයේ දී ජනතාවට අවස්ථාව තියෙනවා

    දෙසැම්බර් 04, 2014
    ස්ථාවර නායකත්වය සමඟ ඉන්නවා යැයි පෙන්වන්නට මෙම ජනාධිපතිවරණයේ දී ජනතාවට අවස්ථාව තිබෙන බවත් එවිට ඒ රට කවදාවත් අස්ථාවරභාවයට පත් නොවන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    විධායක ජනාධිපති ක්‍රමය තුළ රට තුළ ගොඩනඟපු ස්ථාවරභාවය නිසා යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ මාවත කරා ගෙන යාමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.
     
    ජනාධිපතිවරණයක දී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස සිය පැහැදිලි ස්ථාවර මතය ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත් පවතින විධායක ජනාධිපතිවරයෙක් සමඟ තරග කිරීමට පොදු අපේක්ෂකයා සතුව එවැනි කිසිඳු පැහැදිලි ස්ථාවරත්වයක්වත් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හෝ සංශෝධනය කරන්න සූදානම්“ යනුවෙන් ඊයේ (03) එක් පුවත්පතක් ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම වදන් ප්‍රකාශ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ස්ථාවර නායකයෙක් වීමට නම් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස සිය අභිමතය ඍජුව ස්ථාවරව එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැත්නම් සංශෝධනය කරනවද එසේ නම් කුමන වගන්ති සංශෝධනයට ලක් කරන්නේ ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයැයි පැවසීය.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධාන උප සභාපති වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya