ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලොකු ළූනු මිලදී ගැනීමට මධ්‍යස්ථාන හතරක්

    දෙසැම්බර් 04, 2014
    ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ ලොකු ළූනු අස්වැන්න රජයේ සහතික මිල යටතේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හතරක් ආරම්භ කර තිබේ.
     
    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ  උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ලොකු ළූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කරන ලද්දේ ගල්කිරියාගම, බුල්නෑව, කලාවැව හා ගලෙන්බිඳුණු වැව ප‍්‍රදේශයන් හිදී ය.
     
    මෙහිදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ලොකු ළූනු වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන ලොකු ළූනු රුපියල් 90.00ක සහතික මිලක් යටතේ  මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව මේ මධ්‍යස්ථාන අරඹන බව පැවසීය.
     
    රජය ගොවියා අසීරුතාවට කිසිසේත්ම පත් නොකරන බවත් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වෙමින් පවතින බවත් ඔහු කීය.
     
    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya