ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රහලෝකාගාර ගෝලීය දර්ශන සඳහා ඩිජිටල් තාක්ෂණය

    දෙසැම්බර් 04, 2014
    නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෝලීය දර්ශන නැරඹීමට හැකිවන ලෙස නවීකරණය කරනු ලැබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (05) නැරඹුම් දර්ශන සඳහා විවෘත කෙරේ. 
     
    මෙම නව තාක්ෂණය මඟින් විශ්වයේ විවිධ අවස්ථා හා සිදුවීම් දර්ශනය කළ හැකි අතර තාරකා විද්‍යාව පමණක් නොව නොයෙක් අධ්‍යාපනික වැඩසටහන් ඕනෑම වයසකට සරිලන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. 
     
    දිනක, සතියක, මාසයක, වසරක හෝ වසර දස දහස් ගණනක අහස ග්‍රහලෝකාගාරය තුළ දර්ශනය කළ හැකි අතර අක්ෂාංශ හා දේශාංශ වෙනස් කිරීමෙන් ඕනෑ ම රටකට ඕනෑ ම වෙලාවක පෙනෙන අහසක් ග්‍රහලෝකාගාරය තුළ සිට දැකබලා ගැනීමට නව තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබේ. 
     
    මහජනතාව උදෙසා දෙසැම්බර් 09දා සිට නැරඹුම් දර්ශන ආරම්භ කෙරෙන අතර පෙ.ව. 10.00 ට හා ප.ව. 2.00 ට දර්ශන පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන 570 ක පහසුකමින් යුක්ත වන අතර සතියේ අගහරුවාදා දින සිට සිකුරාදා දින දක්වා පාසල් දර්ශන පැවැත්වේ. පෙ.ව. 10.00 ට, ප.ව. 2.00 ට හා ප.ව. 4.00 ට පාසල් දර්ශන පැවැත්වෙන අතර ඉරිදා, සඳුදා හා රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා තැබේ.
     
    ශ්‍රී ලංකාවාසීන්ට අභ්‍යවකාශය සහ විශ්වය පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රමුඛත ම අරමුණ වන අතර ශ්‍රී ලංකාව තුළ දැනුමින් පිරි ජනතාවක් බිහිකිරීමට විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කරමින් පාසල් දරු දැරියන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya