ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොල් වගාකිරීමේ මණ්ඩලයේ ස්ථිර නොවූ සේවකයන්ට ස්ථිර පත්වීම්

    දෙසැම්බර් 05, 2014

    ජනාධිපතිතුමා 2015 අය-වැය ඉදිරිපත් කළ අවස්ථාවේ ලබා දුන් පොරොන්දුවකට අනුව, දින 180ක් සේවය කළ සියලු සේවකයන් ස්ථිර කිරීමේ වැඩපිළිවළට අනුව, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ස්ථිර නොවූ සේවකයන් හට ස්ථිර පත්වීම් ලබාදීම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය  ජගත් පුෂ්පකුමාර මහතා අතින්, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

     

    මෙලෙස ස්ථිර පත්වීම් හිමිවූයේ, වසර ගණනාවක් සේවය කළ ද, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ස්ථිර සේවයට එක්වීමට අවස්ථාව හිමිනොවූ ආරක්‍ෂක නියාමක, කම්කරු, රියදුරු, රසායනාගාර සහයක, කළමනාකරණ සහකාර, පොල් සංවර්ධන සහකාර යන තනතුරු සඳහායි. ඒ අනුව 62 දෙදෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබාදීම සිදු විය.

     

    නව පත්වීම්ලාභීන් ඇමතූ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා,

     

    “අතිගරු ජනාධිපතිතුමන් සැමවිටම, ජනතාවගේ සිතුම් - පැතුම් හඳුනන නායකයෙක්, ජනතාවගේ පැත්තෙන් බලන නායකයෙක්, වරෙක එතුමා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. එතුමා එහි කටයුතු කරන කාලයේ, ජනතාවගේත් - සේවකයින්ගේත් - කම්කරුවාගේත් අවශ්‍යතා සම්බන්ධව කටයුතු කළ නායකයෙක්.

     

    ගහක් යට ඉඳගෙන හරි අපේ රාජකාරිය ඉටු කරන්න ඕනෑ. මේස නෑ, පුටු නෑ, කාර්යාල නෑ, දුරකතන නෑ, ..... කියල වැඩ පස්සට දාන්න එපා. තියන තැන ඉදල වැඩ පටන් ගන්න ඕනෑ. ඔබ සියලු දෙනා අද සතුටු විය යුතුයි. අපේ අමාත්‍යාංශය අද ලංකාවේ අමාත්‍යාංශ අතරින් කැපී පෙනෙන අමාත්‍යාංශයක් බවට පත්වෙලා තිබෙනවා.

     

    මේක මම තනියෙන් ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. ඔබ අප සියලු දෙනා එකතු වෙලා ලබාගත්තු දෙයක්. පොල් සංවර්ධන අමාත්‍යාංශය අද මේ රටේ විශේෂ වැඩ කොටසක් කරනවා. ඒක රටට දැනෙනවා.

     

    මගේ එකම ඉල්ලීම තමයි වංචා කරන්න එපා. වංචාවට කිසිම කෙනෙකුට ඉඩ දෙන්නත් එපා. විශේෂයෙන් ම මේ කාලේ. ලබන ජනවාරි 8 වැනිදා වෙනකම් නොයෙක් ප්‍රචාර යනවා ජනාධිපතිතුමා සම්බන්ධව. අද මේ ක්‍රියාත්මක කරන්නේ ජාතික වශයෙන් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණ, අපි දන්නවා මේ ජනාධිපතිතුමා අවුරුදු 30ක් පැවති යුද්ධය නතර කළා. ඒ සහනය ලබාදුන්නෙ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මැතිතුමා බව අපි දන්නවා. උතුරු - නැගෙනහිර ජනතාවට කරුණාකර පවසන්න ඕනේ. මේ නිදහස හැදුවේ අතිගරු ජනාධිපතිතුමා බව සියලු දෙනා හොඳින් දැනගත යුතු කරුණක්.

     

    සතුටින් වැඩ කරන්න. අවිනිශ්චිත බවින් වැඩ කරන්න එපා. කරුණා කර ගමට යන්න, ක්ෂේත්‍රයට යන්න. ගොවියත් එක්ක වැඩ කරන්න. ඔබ නිලධාරියෙක් නොව සේවකයෙකු ලෙස වැඩ කරන්න.” යැයි පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya