ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ ප‍්‍රසාද දීමනා ලබාදීම අද

    දෙසැම්බර් 05, 2014
    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ආරම්භ කර ඇති අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනේ ලාභාංශ මත එම අධිකාරියේ සේවකයන් අතර ප‍්‍රසාද දීමනා බෙදා දීම අද (05) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය පරිශ‍්‍රයේදී සිදු කෙරේ. 
     
    2005 වසරේ දී ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදකයන්ට මුහුණ දීමට සිදු වූ සිය කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් ඉතා සුළු පරිමාණයෙන් ආරම්භ කරන ලද මෙම අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් මේ වන විට සාර්ථක සහ ජනප‍්‍රිය ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
     
    මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වනුයේ මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත යැපෙනු වෙනුවට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ ප‍්‍රධාන ආදායම් ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක වීමයි.
     
    මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය පියවර ගෙන ඇති අතර ඒ අනුව විශාල පරිමාණයේ වාණිජ මධ්‍යස්ථාන ලෙස නව අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
     
    ඒ අනුව කළුතර දිස්ත‍්‍රික්කයේ ඉංගිරිය, මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම, මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ සහ මාතලේ දිස්ත‍්‍රික්කයේ මාතලේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
     
    මෙම අලෙවිසැල් ඉතාමත් ඉක්මනින් විවෘත කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අදිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව එම ප‍්‍රදේශවල ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදකයන්ට හා නාගරික පාරිභෝගිකයන්ට විශාල සහනයක් ලබා දීමට හැකි වන බවත් කෘෂි නිෂ්පාදකයන්ට අතරමැදියන්ගෙන් තොර ව සිය කෘෂි නිෂ්පාදන ඍජුව අලෙවි කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා පැවසීය.

    මේ සඳහා සියලු ම මූල්‍ය ප‍්‍රතිපාදන දැනට ක‍්‍රියාත්මක අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන්වලින් ලබා ගන්නා ලද ලාභාංශවලින් ලබා ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/DM -cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya