ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාත් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ඩී.එම්. චන්ද්‍රතිලක මහතා අභාවප‍්‍රාප්ත වේ

    දෙසැම්බර් 08, 2014
    වයඹ පළාත් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ඩී.එම්. චන්ද්‍රතිලක මහතා අභාවප‍්‍රාප්ත විය.


    ඒ මහතාගේ දේහය පන්නල නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට (09) දින පන්නල දී සිදු කෙරේ. 

    පළාත් සභා ක‍්‍රමය ආරම්භ කරමින් 1988 පැවති පළාත් සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර වයඹ පළාත් සභාවට තේරී පත් වූ ඒ මහතා අඛණ්ඩ ව වසර 15ක් වයඹ පළාත් සභාව නියෝජනය කළේය. 1997 සිට 2002 දක්වා කාලසීමාව තුළ වයඹ පළාත් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ චන්ද්‍රතිලක මහතායි. 

    1960 දී ටී.බී. සුබසිංහ මහතා සමඟ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ මහතා රුසියානු විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. කොමිනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා පසුව පොදුජන එක්සත් පෙරමුණට සම්බන්ධ විය. දේශපාලඥයකු සහ සමාජ සේවකයකු වූ ඩී. එම්. චන්ද්‍රතිලක මහතාගේ දරුවකු වන තුසිත චන්ද්‍රතිලක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පන්නල ප‍්‍රාදේශීය සභාවේ කටයුතු කරයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya