ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරනවා

    දෙසැම්බර් 08, 2014

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට කවුරු පැමිණිය ද ඔහුට වඩා ගව් ගණනක් ඉහළින් ජනාධිපතිතුමන් ඔසවා තැබීමට වෙල්ලස්සේ ජනතාව සූදානම් බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

     

    කවුරුන් කුමන අභි‍යෝගය එල්ල කළද මෙවර මැතිවරණය දොඹෙන් නැතිනම් දොඔතෙලෙන් ජයග්‍රහණය කරන බව ඒ මහතා පැවසීය.

     

    ඊට හේතුව වෙල්ලස්සේ ජනතාව දන්න හඳුනන, විශ්වාස කරන හා වෙල්ලස්සට වැඩකළ එකම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණක් බව හෙතෙම කියා සිටියේය.

     

    තණමල්විල හා වැල්ලවාය ප්‍රදේශයන් හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැල්ලවාය මධ්‍ය බලමණ්ඩල රැස්වීම්වලට එක්වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

     

    සෙවනගල, තණමල්විල, වැල්ලවාය, බුත්තල හා කතරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් අති විශාල ජනකායක් මීට එක්ව සිටියහ.

     

    1994 වසරේ සිට මෙරට පැවැති සියලු මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පරාජය නොවූ එකම දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය බවත් වසර විස්සක් පුරා තබා තිබූ වාර්තාව ඉදිරි ජනාධිපතිවරණයේ දීද වාර්තා පිට වාර්තා තබමින් ජයග්‍රහණය කරන බවත් ඒ මහතා කියා සිටියේය.

     

    සතුරු බලවේගවලට වඩා අද මිතුරු බලවේග ක්‍රියාත්මක වෙමින් ජනාධිපතිතුමා පරාජය කිරීමට උත්සහ කරමින් සිටින බව පැවැසූ ඇමැතිවරයා ඔවුන්ට ජනාවාරි 09 වැනිදා හිරු දකින වන විට අත්වන ඉරණම සිය ඇස් දෙකෙන්ම බලාගත හැකි බව පැවැසීය.

     

    ජනතා ඕනෑ එපාකම්වලට වඩා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන කිසිවකුට යළි හිස එසවීමට ඉඩ ලබා නොදීමට බුද්ධිමත් ජනතාව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පුෂ්පකුමාර මහතා කීවේය.

     

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි මැතිවරණයකට සූදානම් වූයේ අද ඊයේ නෙවෙයි. බලය ගත්ත දවසේ ඉදලා අපි දැනගන්න ඕන තමන්ගේ නිසි කාලය අවසන් වෙනකොට තවත් මැතිවරණයකට මුහුණ දෙන්න වෙනවා කියන එක.

     

    එහෙම නම් අපි මොකක්ද කරන්න ඕනේ. මැතිවරණවලට බය වෙලා මැතිවරණයකට නොගිහින් ඇතැම් අය කරා වගේ කලගෙඩි සෙල්ලම් දාන එකද ?. නැහැ. අපි රජයක් ලෙස පත්වුණ දා සිට මැතිවරණ ඉල්ලන්න කලින් ජනතාවට මැතිවරණ දුන්නා ඒ අපි වැඩ කරලා තිබෙනවද නැද්ද කියන එක ඔවුන් තීරණය කරන්න. වත්මන් ජනාධිපතිතුමා වසර දහයක් මේ වන විට රට පාලනය කරලා තිබෙනවා. මම ජනතාවගෙන් අහන්නේ නැහැ එතුමා මොනවද කළේ කියලා. මම අහන්නේ එතුමා මොනවද නොකළේ කියලා. එතුමා කළ වැඩ කොටසට සමාන කරන්න පුළුවන් එක නායකයෙන් නිදහසින් පසු මේ රටේ බිහිවෙලා තිබෙනවද.

     

    ජනාධිපතිතුමා අද ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ යනවා. මිනිස්සු තමන්ගේ දරු මල්ලොත් අරගෙන නොකා නොබී බලාගෙන ඉන්නව එතුමන්ව දකින්න, වචනයක් කතා කරන්න. එහෙම නැත්තනම් අතින් අල්ලන්න. ඒකට හේතුව ජනතාව දන්නවා කිව්වොත් කිව්ව දේ කරන, ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මහතා කියලා. නිදහසින් මේ රට පාලනය කළ මොන නායකයටද පුළුවන් වුණේ බලයට පැමිණි දවසේ ඇති වුණ ජන ආකර්ෂණීයත්වය, කැමැත්ත, ප්‍රසාදය වසර දහයකට පසුවත් ඒ අයුරින්ම තබාගන්න. අපි ලෝකයේ කිසිඳු නායකයකු දැකලා නැහැ මේ තරම් ජනතාව ආදරය කරන. එම නිසා අද අපි කරන්න ඕනේ ඒ නායකයට ගියවර අපි ලබා දුන්න ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දෙන එක. ඒ සඳහා සියලු දෙනා පාට පක්ෂ භේද අතහැරලා ජනාධිපතිතුමන් ජයග්‍රහණය කරවන්න දිවිහිමියෙන් කැපවෙන්න කියා ඉල්ලා සිටිනවා.“ යැයි කියා සිටියේය.

     


    වයඔ පළාත් සභා මන්ත්‍රී විමල් ගලගමආරච්චි මහතා ද මෙහිදී අදහස් දැක් වු අතර ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උප සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනකායක් එහි රැස්ව සිටියහ.

     

    SDF

    coco 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya