ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදාපති වැලිකන්දේ දී නැගෙනහිර සෙබළුන් අමතයි

    දෙසැම්බර් 09, 2014
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක ඊයේ (08) නැගෙනහිර ප්‍රදේශයේ  සංචාරය අතරවාරය තුළ වැලිකන්දේ දී ජනාධිපතිතුමා සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් යුද හමුදා සෙබළුන් සඳහා දෙනු ලබන සුබසාධන ව්‍යාපෘති පිළිබඳ ව පුළුල් විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය. 
     
    ජාතික ආරක්ෂාව සහ රටේ සංවර්ධනය වෙනුවෙන් මහඟු සේවයක් කරනු ලැබූ සෙබළුන් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සුබසාධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බව ද  ඔහු පැවසීය.
     
    යුද හමුදාවේ විනය ඉතා උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම රටක හමුදාවක් දියුණුවීමට ප්‍රධාන හේතුව බවත් දේශීය සහ විදේශීය පුහුණු මඟින් ඉතා දක්ෂ සෙබළුන් පිරිසක් බිහිකිරීමට එයින් හැකි වන බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරනු ලැබීය.
     
    යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ සහ කාර්යාලයීය උපකරණ අප හමුදාව විසින්ම නිපදවාගැනීම යුද හමුදාවේ දියුණුවට මනා රුකුලක් වන බව ද යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ කීර්තියක් ලබාදීමට පරිපූර්ණ කුසලතාවලින් හෙබි ක්‍රීඩකයින් යුද හමුදාවෙන්ම බිහිකිරීම  අපගේ අරමුණ බවද යුද හමුදාපතිතුමා තවදුරටත් පවසන ලදී.
     
    ජනාධිපතිතුමාගේ සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පුර්ණ අනුග්‍රහය යටතේ මහා පරිමාණ ණය යෝජනා ක්‍රමයක් වන "සුවසහන" ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ  සුබසාධනය සඳහා මේ වනවිට රුපියල් බිලියන 11.2ක  මුදලක් ලබා දී ඇති අතර,  යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පසු යහපත් විශ්‍රාමික දිවියක් උදෙසා විශ්‍රාමලාභීන් සඳහා විවිධ පුහුණු පාඨමාලා සහ  රැකියා බැංකු ද මේ වන විට ආරම්භ කර ඇති බවත්, එමෙන්ම රට සංවර්ධනය කිරීමේ අභිලාශයෙන් මේ වනවිට නිවාස 14,000ක්, පාසල්, කෝවිල්, බෞද්ධ විහාරස්ථාන,  පෙරපාසල්, ප්‍රජා ශාලා  සහ ක්‍රීඩාංගණ ද ඉතා විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති බව ද රත්නායක මහතා අවසාන වශයෙන් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya