ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ඵලදායිතා ඇගැයීම් සම්මානයක්

    දෙසැම්බර් 09, 2014

    2012-2013 ජාතික ආයතනික ඵලදායිතා සම්මාන උළෙලේ දී, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට විශේෂ කුසලතා ඇගැයීම් සම්මානයක් හිමි විය. ආයතනයක ඵලදායිතාව සතුව තිබිය යුතු ප්‍රමිතීන් මත පදනම්ව මෙම විශේෂ ඇගයීම් කුසලතා සම්මානය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ප්‍රදානය කෙරිණි. ජාතික ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය බසීර් සේගුදාවුද් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය, 11 වන මහල ශ්‍රවණාගාරයේ දී ජාතික ආයතනික ඵලදායිතා සම්මාන උළෙල පැවැත්විණි.

     

    එම සම්මානයට පාත්‍රවීම සඳහා, ආයතනික ඵලදායිතාව නැංවීමෙහි ලා විවිධ පියවර අනුගමනය කළ බවත්, ඉදිරියටත් එලෙසින්ම කටයුතු කරන බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එස්. විජේසේකර මහත්මිය ප්‍රකාශ කළාය. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව “පුරවැසියා - පවුල් ඒකකය - ගම - ප්‍රදේශය -  රට  - සමාජය” යන අනුපිළිවෙලට සංවර්ධනය අත්පත් කරගැනීමේ සංකල්පය පදනම්ව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ උපදේශාත්මක මඟපෙන්වීම මත කටයුතු කළ බැවින්, අදාළ සම්මානය දිනා ගැනීම සඳහා මාවත විවෘත වූ බව ද අතිරේක ලේකම්වරිය අවධාරණය කළාය. 

     

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ ප්‍රමිතිය, ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඔසවා තැබීමට, අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) අශෝකා අලවත්ත මහත්මිය ඇතුළු ආයතනයේ සියලුම කාර්යමණ්ඩලය ඉටුකරන ලද කාර්යභාරය කිසිසේත් අමතක කළ නොහැකි බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

     

    ජාතික ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය බසීර් සේගුදාවුද් මහතා  සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.ඩී.වයි. ආනන්දනී, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩබ්.එම්.ඩී. සුරංග ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සම්මානලාභී වෙනත් අමාත්‍යාංශයන්වල නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya