ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මිහින්තලේ එ.ජා.ප. ක‍්‍රියාකාරීන් 488 දෙනෙකු සන්ධානයට

    දෙසැම්බර් 11, 2014

    ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රථම ජනරැලිය අනුරාධපුරයේ දී පැවැත්වෙන බවත් එ.ජා.ප. පාක්‍ෂිකයින් මෙසේ සන්ධානයට එක්වීම තුළින් ජනාධිපතිතුමාට ලබා දෙන ශක්තිය වැඩිකිරීමට බලාපොරොත්තු වෙන බවත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    ඊයේ (10) අනුරාධපුර දිස්ත‍්‍රික් නායක එස්.එම්. චන්‍ද්‍රසේන සහ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු ඡන්දපොළ මධ්‍යස්ථාන මට්ටමින් මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ පැවැත් වූ ජනහමු කිහිපයක දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එ.ජා.ප. ක්‍රියාකාරීන් 488 දෙනෙක් එක් වූහ. 

    පයිරමඩුව, ඌත්තුපිටිය, එළිය දිවුල්වැව යන ප‍්‍රදේශවලදී වැඩි පිරිසක්  එ.ජා.ප.ය හැර දමා සන්ධානයට එක් වූ අතර අඹතලාගම, රුවන්ගම, වෙල්ලාරගම, ගල්කුලම, උට්ටිමඩුව, පයිරමඩුව, උට්ටිකුලම, සිවලාකුලම, මුරියාකඩවල, ඌත්තුපිටිය, ගනේවල්පොළ, කලාකරඹෑව, ගල් වංගුව, සේන පුර, ගෝනපතිරාව, එළියදිවුල් වැව යන ගම්වලදී ද සන්ධානයේ ජය තහවුරු කිරීමට තවත් පිරිස් එක්වූහ.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා කියා සිටියේ තවත් පිරිසක් සන්ධානයට එක්වන බවත් ගිය හය දෙනාට එ.ජා.ප.යෙන් හය දෙනෙකු බඳවා ගන්නා බවත්ය.

    ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගිය මහ ලේකම්ට හරියන්න එ.ජා.ප.  මහ ලේකම් ගත් බවත් ඒ තුළින් ගනුදෙනුව අවසන් බවත්ය. එය දේව සාපයක් බඳු බවත් එ.ජා.ප.ය අල්ලා පොළොවේ ගැහුවා වැනි දෙයක් මේ මඟින් සිදු වූ බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා කීය. ඉතිහාසයේ කිසි ම දවසක මෙවැනි ජන ගඟක් අපේක්‍ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ කාර්යාල අසලට පැමිණ නැති බව ද ඔහු සඳහන් කළේය.

    තලාව ප‍්‍රදේශීය සභාවේ විපක්‍ෂ නායක සරත් දිසානායක මහතා කියා සිටියේ, එදා චන්‍ද්‍රිකා බොරු කළා සේ ම මෙවර ද චන්‍ද්‍රිකා එම බොරුව කරමින් සිටින බවයි.

    මේ අවස්ථාවට පළාතේ මැති ඇමැතිවරු රැසක් එක්වූහ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya