ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ධීවර මහා සම්මේලනයේ ධීවර ජනතාව ලක්‍ෂයකගේ සහය ජනපතිට

    දෙසැම්බර් 11, 2014

    මෙවර ජනාධිපතිවරණයේදී ධීවරයන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සාමාජිකත්වය ඇති ජාතික ධීවර මහා සම්මේලනයේ පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ලබාදෙන බව ජාතික ධීවර මහා සම්මේලනයේ විධායක සභා සමුළුවේදී ඒකමතිකව තීරණය කරනු ලැබූ බව එහි මහ ලේකම් පේ‍්‍රමසිරි පෙරේරා මහතා පැවසීය.


    ඊයේ (10) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති ජාතික ධීවර මහා සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාවේදී මෙම තිරණය ඒකමතිකව සභා සම්මත කරනු ලැබීය.

    ගෙවී ගිය වසර 09 ක කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිය මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් මෙරට ධීවරයා වෙනුවෙනුත්, ධීවර සංවර්ධනය වෙනුවෙනුත් කරන ලද මෙහෙවර සලකා බලා යුද්ධයෙන් මව්බිම ගලවාගත් ජන නායකයා ලෙස ජනාධිපතිතුමාට ධීවර ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීමට කැපවන බව යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, පුත්තලම, ත‍්‍රීකුණාමලය, මාතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුරය, කොළඹ, කළුතර ඇතුළු සියලු ම ධීවර දිස්ත‍්‍රික්කවල නායකයන් කතා කරමින් ප‍්‍රකාශ කර සිටියේය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ වැඩබලන ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මියගේ සහභාගිත්වයෙන් මෙම ධීවර සම්මේලන විධායක සභා රැස්වීම පැවැත්වුණි.

    මෙහිදී වැඩ බලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා නිල වශයෙන් ජාතික ධීවර මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

    ජාතික ධීවර මහා සම්මේලනයේ සියලු ම ධීවරයෝ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ප‍්‍රතිඥවක්ද ලබා දුන්හ. 

                                                   
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya