ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    යාපනය පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ට වැඩමුළුවක්

    දෙසැම්බර් 15, 2014

    යාපනය දරු දැරියන්ගේ පෞරුෂත්ව හා නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනාව විසින් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් 120 දෙනෙකු සඳහා දෙදින වැඩමුළුවක් පසුගියදා කන්කසන්තුරේ තල් සෙවණ නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී. 


    මෙහි පළමු දිනයේ දී අලවෙඩ්ඩි අරුණෝද්‍යා විද්‍යාලය, වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලය හා කුට්ටියපුලම් විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් 75 දෙනෙකු සහභාගී වූ අතර දෙවන දිනයේදී තෙලිප්පලෙයි යූනියන් විද්‍යාලය, තෙලිප්පලෙයි මහජන විද්‍යාලය, මල්ලාකම් මධ්‍ය මහා විද්‍යාලය හා අලවෙඩ්ඩි අරුණාචලම් විද්‍යාලය නියෝජනය කරමින් 45 දෙනෙක් වැඩමුළුවට සහභාගී වූහ. 

    මෙහිදී ආගමික නායකයන් හා ජ්‍යේෂ්ඨ යුධ හමුදා නිලධාරීන් විසින් සමාජ සුසිරිත්, හැසිරීම් රටා, නායකත්ව හා මහජන සම්බන්ධතා ඇතුළු වැදගත් මාතෘකා රැසක් යටතේ දේශන පවත්වන ලදී.

    එම විද්‍යාලවල විදුහල්පතිවරු හා ගුරුවරු කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya