ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    NLDB අනියම් සේවකයන්ට ස්ථීර පත්විම් ප්‍රදානය

    දෙසැම්බර් 15, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) විවිධ ක්ෂේත්‍රයන් හි වසර ගණනාවක් අනියම් සේවකයන් ලෙස රැකියාවේ නිරත වූ සේවකයන් 190 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා හැටන් හි D.K.W. ශාලාවේ දී පැවැත්විණි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2015 අයවැය යෝජනාවේ දී තාවකාලිකව සේවය කරන සේවක සේවිකාවන් ස්ථිර කරන බවට ලබා දුන් පොරොන්දුව අනුව මෙම පත්වීම් ලබා දෙන ලදී.

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ඒ යටතේ ඇති ගොවිපොළවල් හි සේවය කරන කාර්යාල කාර්ය සහයක, කළමනාකරණ සහකාර ඇතුළු විවිධ රැකියා තනතුරු දරන සේවකයන් මෙහිදී ස්ථීර සේවයට බඳවා ගැනුණි.

    මෙම පත්වීම් ලිපි ප්‍රදානය පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, පශු සම්පත් වැඩ බලන අමාත්‍ය එච්.එල්. තිසේරා සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රංජීත් ඇල්ලේගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya