ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    එදා පැවති රජයන්ගෙන් ගමේ දරුවන‍්ගේ දක්ෂතාවන්ට ඉඩක් ලැබුණේ නැහැ

    දෙසැම්බර් 15, 2014

    මහින්ද චින්තන ප්‍රතිපත්ති තුළින් අධ්‍යාපනයේ ‍විශේෂ පරිවර්තනයෙන් නගරයේ දරුවන්ට සමානව ගමේ දරුවන්ට ද පහසුකම් ලබා දී තිබෙන බවත් එදා පැවති රජයන්‍ ගමේ දරුවන්ගේ දක්ෂතාවන්ට ඉඩ දුන්නේ නැති වුවත් අද වනවිට දක්ෂතාවන්ට, හැකියාවන්ට අනුව ඒ ඔස්සේ  දරුවන්ට ඉදිරියටම යා හැකි බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පදවිය, අලිවංගුව විද්‍යාලයීය ක්‍රීඩා‍ තරගාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයට එක්වෙමිනි.

    අලිවංගුව විද්‍යාලයේ සියලු පහසුකම් සහිත ව දැනට අවසන් අදි‍යරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අමාත්‍යතුමා රුපියල් ලක්ෂ 05ක අමතර මුදලක් ද එදිනම ලබා දුන්නේය. මීට පෙර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අමාත්‍යතුමා විසින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ද ලබා දෙන ලදී.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා, බාගයක් පමණ අධ්‍යාපනයෙන් අතරමංවෙලා හිටිය ගමේ දරුවන්ට අදවන විට තොරතුරු තාක්ෂණය ද ගමට ඇවිල්ලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයට පමණක් ‍මහින්දෝදය විද්‍යාගාර 11ක් ද ‍මහින්දෝදය විද්‍යාපීඨ 03ක් ද ලබා දී තිබෙනවා. ඒ වගේම දැනුමෙන් සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට රැකියා ලබා දී ‍තිබෙනවා. අද වනවිට ගුරු හිඟයක් අහන්නවත් නැහැ. ඉගෙන ගන්න දරුවන්ට සියලු පහසුකම් ලබා දී ‍තිබෙන්නේ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ බව විවාදයෙන් තොරවම කිය හැකියි.

    පදවිය අලිවංගුව විද්‍යාලයේ විදුහල්පති කේ.ඒ. සේරසිංහ, පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක යන මහත්වරු ඇතුළු සිසුහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya