පසුගිය ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අතුරුදහන් වු පුද්ගලයන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් වවුනියාවේ දී ආරම්භ කරන ලද අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විභාගය අදත් (15) වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි.
කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොමිසම සවස 5.00 දක්වා වාචික සාක්ෂි සටහන් කර ගැනුණි.
කොමිසමට ඉදිරිපත්ව ඇති වවුනියාවේ පැමිණිලි 230ක වාචික සාක්ෂි සටහන් කිරීමට නියමිත බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් පැවසීය. වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලි 230 වාචික සාක්ෂි විභාග කරන අතර අලුතින් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ඉඩ ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
හෙට (16) සහ අනිද්දා (17) දෙදින වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කොමිසම යළි රැස්වේ.
අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 19750කි. ඉන් පැමිණිලි 2000 පමණ සාක්ෂි විභාග කර අවසන් කොට ඇතැයි ලේකම්වරයා පැවසීය.
MAP/CU_dmu_Vavuniya