ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයේ දී වැඩි ඡන්ද හතළිස්දහසකින් කඩුවෙල ආසනයේ ජයග්‍රහණය ස්ථීරයි

    දෙසැම්බර් 16, 2014

    වැඩි ඡන්ද හතළිස්දහසකින් කඩුවෙල ආසනය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාට ජයග්‍රහණය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල ප්‍රධාන සංවිධායක, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    රුපියල් ලක්ෂ 30ක වියදමින් කඩුවෙල සීලවිමල මාවත සහ මාලඹේ උඩවත්ත පාර කාපට් අතුරා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට පසුගියදා සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

     

    මෙහි දී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,

     

    “පාරවල් කන්නද විපක්ෂය අපෙන් අහනවා. මේ සියල්ල යුද්ධය අවසන් වීමේ ප්‍රතිඵල ලෙස ජනතාවට ලැබෙන ප්‍රතිලාභයි. අපි පාරවල් හැදුවේ නැත්නම් විපක්ෂය කියයි මුං කිසිම වැඩක් කෙරුවෙ නැහැ කියලා. විපක්ෂය මොන කතා කිව්වත් රටේ මොන ප්‍රදේශයකට ගියත් දකින්න ලැබෙන සංවර්ධන ව්‍යාපෘති අපි කරලා තියෙනවා.

     

    අද අපෙන් ගිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවනේ එයා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා. විපක්ෂය මොන කතා කිව්වත් රටේ මොන ප්‍රදේශයකට ගියත් දක්නට ලැබෙන සංවර්ධන ව්‍යාපෘති අපි කරලා තියෙනවා.

     

    අපෙන් ගිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අද අසරණ වෙලා. දැන් යූ.එන්.පී. එක වැඩ නැහැ. ඇයි මොකටද වැඩ කරන්නෙ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවනේ එයා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා. ඉතින් ශ්‍රී ලංකා කාරයෙක් ජනාධිපති කරන්න යූ.එන්.පී. කාරයො ඡන්ද දෙයි ද? යූ.එන්.පී. රනිල් අගමැති කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ඡන්ද දෙන්නෙත් නැහැ. අන්තිමේ දී යූ.එන්.පී. පාක්ෂිකයොත් නැහැ. ශ්‍රී ලංකා පාක්ෂිකයොත් නැහැ.

     

    සමහර දේවල් ලැබුණෙ නැහැ කියලා පොඩි පොඩි අමනාපකම් හදාගත්ත අය ඉන්නවා. එහෙම අය පවුල්වලත් ඉන්නවනෙ. ඒ අයට කොච්චර දුන්නත් මදි. මං යනවා කියලා එනවා. එයාලා ගියාට ජනතාව යන්නෙ නැහැ. අපේ ගිය සමහර අය ආපසු ආවා. ඒ අය දැනගත්තා යන්නෙ හරි පාරේ නෙමෙයි කියලා.

     

    දැන් රනිල්ට ප්‍රශ්න ගොඩයි. රනිල්ට උඩින් ඉන්නෙ චන්ද්‍රිකා මැඩම්. කරූ ජයසූරිය අහලකවත් නැහැ. අද යූ.එන්.පී. එකට අලියත් නෑ. කොළ පාටත් නැහැ. මෛත්‍රීපාල සිරිසේනගෙ ලකුණ හංසයා නිසා සුදු පාට තමයි තෝරගන්න වෙන්නෙ. විදේශ බලවේග, කොටි ඩයස්පෝරාව මේ ඔක්කොම එකතුවෙලා නැවත රට අස්ථාවර කරලා යුද්ධයෙන් බැරි වුණු දේ කරගන්නයි හදන්නෙ. මේ රට දෙකඩ කරලා රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති කරන්නයි මේ උත්සහ කරන්නේ.“ යැයි කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya