ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බෙදුම්වාදීහු යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභා රැස්වීම කඩාකප්පල් කරති

    දෙසැම්බර් 16, 2014

    අද පෙ.ව. 9.00ට පමණ යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ වූ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභා රැස්වීමේ මුලසුන හෙබවූ එහි සම සභාපති සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සභාව අමතමින් සිටියදී දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් හා උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් වන සිවාජිලිංගම් හා අයිංකරනේෂන් යන පුද්ගලයන් එම කතාවට බාධා කරමින් කලබල කරන්නට වූහ.

    ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහි ව අභූත චෝදනා එල්ල කරමින් කලබල කරන්නට පටන් ගත් විට අමාත්‍ය දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පවත්වනු ලබන්නේ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කිරීමට බවත් ඊට අදාළ නැති ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකොට මේ රැස්වීමට සහභාගීවීමට නොහැකි නම් සභාවෙන් ඉවත්ව යන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.


     
    මේ අවස්ථාවේදී රජයට සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහි ව විශාල උද්ඝෝෂණයක් කරමින් ඉහත මන්ත්‍රීවරුන් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් රාජ් කුමාර් මහතාට පහරදී පෑනකින් ඇන ඊ.පී.ඩී.පී. පේදුරු තුඩුව සංවිධායක රංගේෂ්වරන් මහතාට හා වේලනෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති සින්නරාසා පෝල් මහතාට ද පහරදී තුවාල සිදුකොට රැස්වීම කඩාකප්පල් කළහ. එහි දී රංගේෂ්වරන් මහතාගේ අතක් බිඳී ඇත.

     

    මෙම සිද්ධිය පිළිබඳව ඊ.පී.ඩී.පී. සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ මෙය දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාව පරිදි ජනාධිපතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උතුරේ දෙමළ ජනතාවගෙන් ලැබෙන සහයෝගය වළක්වාලීම පිණිස දෙමළ ඩයස් පෝරාව විසින් කුමන්ත්‍රණකාරී ලෙස සැලසුම් කරන ලද ක්‍රියාවක් බවය.

     

    එසේම මෙම ක්‍රියාව පිටුපස එල්.ටී.ටී.ඊ. ෆැසිස්ට්වාදීන්ට සහයෝගය දෙන දෙමළ බෙදුම්වාදී ඩයස් පෝරාව සිටින බවත් පැහැදිලිව පෙනෙන්ට ඇති බවත් ඊ.පී.ඩී.පී. සංවිධානය ප්‍රකාශ කර සිටියි. ඔවුන් රජය විසින් උතුරේ කරගෙන යන සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීම උදෙසා මෙම සංවර්ධන කමිටු සභා රැස්වීම කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවද ඒ සඳහා ඔවුන්ට සහයෝගය දෙන සමහර දෙමළ මාධ්‍යවල සහයෝගය ඔවුන් ලබාගෙන ඇති බවද ඊ.පී.ඩී.පී. සංවිධානය කියා සිටියි.

     

    උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර හෙළා දකින බව වැඩිදුරටත් එම සංවිධානය ප්‍රකාශ කර සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya