ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක්

    දෙසැම්බර් 17, 2014

    "නීරෝගීමත් හමුදාවක් - නීරෝගිමත් දැයක්" තේමා කොට ගනිමින් බෝවන රෝග වළක්වා ගැනීම පිළිබඳ ව වෛද්‍ය නිලධාරීන් සහ එම කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී පැවැත්විණි.


    මේ සඳහා යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  බ්‍රිගේඩියර් කේ.පී. සුමනපාල, හමුදා රෝහලේ අණදෙන නිලධාරී  කර්නල් කේ.පී.එන්. පතිරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග වැළැක්වීමේ අධ්‍යක්ෂ වෛද්‍ය වී.ටී.එස්.කේ. සිරිවර්ධන සමඟින් රෝහල් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

    දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝග සහ අනෙකුත් රෝග පිළිබඳව ද මෙහිදී දේශන පැවැත්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය ‘සෞඛ්‍ය සතිය‘ වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. 

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya