ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයට මහනුවර සියලු කටයුතු සූදානම්

    දෙසැම්බර් 17, 2014

    එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද කාඩ්පත් තැපෑලට භාර දීමේ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධරී එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

    එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,049,160 (දසලක්ෂ හතළිස්නවදහස් එකසියහැට) දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පැවසූ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා ඒ අතරින් තැපැල් ඡන්ද දායකයන් 38,363ක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා ඇති බව ද පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු වෙනුවෙන් 10,100ක කාර්ය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂා කරන බව පැවසූ සෙනෙවිරත්න මහතා ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා 5,200 ක කාර්යමණ්ඩලයක් සහ විවිධ කමිටු වෙනුවෙන් තුන්සියයක කාර්යමණ්ඩලයක් යෙදවීමට නියමිත බවද පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කලාප 13 ක ඡන්ද මධ්‍යස්ථාන 825කදී ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 20 ක් සහ විශේෂ සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 30 ක් පිහිටුවන බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වැඩි දුරටත් පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු ඉකුත් 15 වැනි දින මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේදී සිදු කෙරුණි.

    MAP/TB_dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya