ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරියි

    දෙසැම්බර් 17, 2014

    පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අද උදෑසන වන විට අක්කර අඩි 110,000 ඉක්මවා යාමෙන් පසු ජලාශයේ වාන් දොරටු දහය අඟල් 6 බැගින් ඉහළට ඔසවා අතිරේක ජලය පිටතට මුදා හැරීමට පියවර ගත් බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක ආර්.එම්.පී. කරුණාරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    පරාක්‍රම සමුද්‍රය වාරි ඉංජිනේරු රොෂාන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ජලාශයෙන් මේ වන විට තත්පරයට ඝන අඩි 750ක ජල ප්‍රමාණයක් පිටතට මුදා හැරෙන බවයි.

     

    මේ වන විට දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්කයේ වැව් රාශියක ජල මට්ටම් ඉහළ යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විටද කිසිදු ආපදා තත්ත්වයක් වාර්තා නොවන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසූ බව පොලොන්නරුව දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    MAP/WK_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya