ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිට එරෙහි වූ විවිධ පාර්ශවයන් තුළ පොදු එකඟතාවක් නැහැ

    දෙසැම්බර් 17, 2014
    එළැඹෙන මැතිවරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ව තරග කරන මෛත්‍රීපාල සිරිසේන මහතාව නියෝජනය කරනු ලබන විවිධ පාර්ශව තුළ පවතින්නේ පොදු එකගතාවක් නො ව එකිනෙකාට එරෙහි වූ මතවාදයන් රැසක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  මහතා සඳහන් කරයි.
     
    පීරිස් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) රඹුක්කන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  කාන්තා සංවිධානය අමතමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය. "මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා දායකත්වය ලබාදී ඇති පාර්ශව අතර පවතින්නේ සමාන මතවාදයන් නො ව එකිනෙකා හා දැඩිව ගැටෙන බහු මතවාදයන්. උදාහරණයක් හැටියට ගතහොත් ජාතික හෙළ උරුමය හා දෙමළ  ජාතික සන්ධානය බලය බෙදීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරයන් බලන්න. දෙමළ ජාතික සන්ධානය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලයක් ඉල්ලා සිටිනවා. පළාත් සභා සඳහා පොලිස් ඉඩම් බලතල ඉල්ලනවා. හෙළ උරුමය සිටින්නේ එම ස්ථාවරයේ පරස්පර තැනක. එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ එකිනෙකට වෙනස්". 
     
    "එක්සත් ජාතික පක්ෂය අන්ත දක්ෂිණාංශික පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරන්නේ වාමාංශික ආර්ථිකයක් සම්බන්ධයෙන්. මෙවන් පරස්පර මතවාද සහිත පාර්ශවයන් එකට එකතු වී පත්කරන්න යන ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා" යැයි ද අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී පැවසීය.
     
     "2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නා විට, වසර 10ක් 12ක් රැකියා නොමැති ව උපාධිධාරීන් නිවෙස්වලට වී සිටි බවත් ඔවුන් සඳහා එකවර රැකියා අවස්ථා 45,000 ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවත් සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පැවසීය.
     
    "2001 දී රනිල් ආණ්ඩුව භාරගෙන කම්කරුවාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා රැකියා අවස්ථා කප්පාදු කළා. නමුත් අද තියෙන්නේ පොදු ජනතාවගේ පාලනයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ පොදු ජනතාවගේ නායකයෙක්. රටේ ජනතාවගේ දරුවෝ, රාජ්‍ය සේවයට විශාල වශයෙන් බඳවාගෙන රාජ්‍ය සේවය ශක්තිමත් කළා යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කනක හේරත් මහතා ප්‍රමුඛ අති විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya