ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍යවේදියා තම ආයතනය සහ කර්තෘ මණ්ඩලය ආරක්ෂා කළ යුතුයි

    දෙසැම්බර් 18, 2014
    පුවත්පතක්  සහ රුපවාහිනී නාලිකාවක් නියෝජනය කරන මාධ්‍යවේදියා ඒ පුවත්පතේ ‍සහ නාලිකාවේ නම සහ කර්තෘ මණ්ඩලය ආරක්ෂා කළ යුතු යැයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    ප්‍රකාශ කරන දේපළ කරනවා වගේ ම ඒ කියන දේ පිටුපස තියන ඉතිහාසය, සත්‍ය අසත්‍යතාවය ගැන සැළකිලිමත් වන්න යැයි ද වයඹ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (17) වයඹ පළාත් සභාවේ පැවති ''වත්මන් අවදියේ රට මුහුණ දෙන අභියෝගයන්'' මැයෙන් පැවතුණු මාධ්‍ය සමුළුවකට සහභාගී වෙමිනි.
     
    "එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අද මාධ්‍ය කියන පුළුල් විෂය දිහා බලපුවා ම නොයෙක් අර්ථකථන තියනවා. එදා සමහර පුවත්පත් අරගෙන බලද්දී ඒ ප්‍රවෘත්තිවල අමුතු හැඩයක් තිබුණා. අද තත්ත්වය බලන විට උදාහරණයක් වශයෙන් ඌව පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමතිවරයෙක්  පිළිබඳ විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රධාන ශීර්ෂය විදියට ගිහින් තිබුණා. එතනෝල් ජාවාරමට සම්බන්ධයි කියලා . ඒක ගොඩක් ජනතාව අතර ආන්දෝලනයකට පත්වුණා. ජනතාව මගෙනුත් ප්‍රශ්න කළා ඔබතුමා ද්‍රෝහී වැඩක් කරා ද නැත්නම් විග්නේශ්වරන් ඇමැතිවරයා ද වෙන පළාතක ඇමති කෙනෙක්ද කියලා. ඒ වගේ අර්බුද ඇති නොවෙන විදියට ප්‍රවෘත්තියක් දෙනකොට මාධ්‍යවේදියෙක් වශයෙන් අපි වගකීමෙන් කටයුතු කළ යුතුයි". 
     
    "අපි කාටද ප්‍රවෘත්තිය කියන්නේ කා වෙනුවෙන්ද කියන්නේ කියන එක හරියට වටහාගත යුතුව තිබෙනවා. ඇතුළේ තියෙන්නේ වෙනම කතාවක්. ඒ නිසා ජනතාව ප්‍රධාන ප්‍රවෘත්තිය පමණක් බලලා තීරණ ගන්නවා. එතකොට ඔවුන්ට යන්නේ වෙන ම අදහසක්. මේ දේවල් ගැන ඔබ තමුන්නාන්සේලා පෑනෙන් කරන වැඩ පිළිවෙළ ඉතා විශ්වාසදායි ලෙස කරන්න. ඒ වගේ ම පුවත්පතක්  සහ රූපවාහිනී නාලිකාවක් නියෝජනය කරන මාධ්‍යවේදියා ඒ පුවත්පතේ සහ නාලිකාවේ නම සහ කර්තෘ මණ්ඩලය ආරක්ෂා කළ යුතුයි".
     
    "මාධ්‍ය සදාචාරය නැති කරන්න හදපු යුග අපිට තිබුණා. ආණ්ඩු වෙනස්  වෙනකොටත් මාධ්‍යවේදීන් ඒ ඒ අදහස් දරන දේශපාලඥයන් එක්ක ස්වාධීනව වැඩකරගෙන යනවා. මම මාධ්‍යවේදියෙක් නම් කුමන ආණ්ඩු ආවත් මම පෑනෙන් මගේ වැඩේ වෙනසක් නැතුව නොබියව කරගෙන යනවා. මාධ්‍යවේදියෝ වුණාම ඔබතුමාලට දේශපාලන මතවාදයක් තියනවා. තමන් කැමති පක්ෂ තියනවා. ආදරය කරන දේශපාලඥයෝ ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමන්ගේ අදහස් ලියනවා වගේ ම ඔබ ඔබට වැඩකරන්න පුළුවන් ප්‍රමාණය තේරුම් අරගෙන වැඩකරන්න".  
     
    "අද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුනොත් ඒකට සහභාගිවෙන්නේ ඒ පක්ෂයට පක්ෂ ව ඉන්න මාධ්‍යවේදීන්. සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුනොත් ඒකට සහභාගී වෙන්නෙත් එතෙන්ට පක්ෂ ව ඉන්න අය. එහෙම නැතුව තමුන්නාන්සේලා මධ්‍යස්ථ ව වැඩ කළ යුතුයි. මම ඔබට කියන්නේ බය නැතුව  ලියන්න. නිවැරදි විවේචනයන් කරන්න. මම ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම වයඹ පළාත වෙනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා විදියට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම තමුන්නාන්සේලාට දෙනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල, වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක, හිටපු මහ අධිකරණ විනිසුරු සිරිල් රාජපක්ෂ, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක,  ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්  වංශනාත විජේසිංහ, වයඹ පළාත් මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya