ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර සහ වයඹ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හෙට සිසු අයිතියට

    දෙසැම්බර් 18, 2014

    මහින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ වයඹ හා බස්නාහිර පළාත්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් සිසු අයිතියට පත් කිරීම හෙට (19) සිදු කෙරේ.


    බස්නාහිර පළාතේ උඩුගම්පොළ, සෙනරත් පරණවිතාන විද්‍යාලය, දෙවලපොළ ආනන්ද විද්‍යාලය, බුරුල්ලපිටිය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිදු අයිතියට පත් කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු වේ.

    නිර්මල කොතලාවල මහා විද්‍යාලය, අල්-ආක්ෂා ජාතික පාසල, කඩයාමොට්ටෙයි මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිදු අයිතියට පත් කිරීම හෙට පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් මෙම තාක්ෂණික විද්‍යාගාර සමන්විත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya