ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සුදුවැල්ල ධීවර වරායට නව ඉන්ධනහලක්

    දෙසැම්බර් 18, 2014

    දකුණු පළාතේ ධීවර කාර්මිකයන් විශාල පිරිසක් මාතර, කෝට්ටගොඩ, සුදුවැල්ල ධීවර වරාය ආශ්‍රිත ව ධීවර කර්මාන්තයේ යෙදෙන අතර ඔවුන්ගේ යාත්‍රාවලට අවශ්‍ය සියලු පහසුකම් සපුරා ගැනීමට තිබෙන සුදුවැල්ල ධීවර වරායේ පවතින ඉන්ධන පිරවුම්හල එදිනෙදා වරාය තුළ සංසරණය වන යාත්‍රාවලට ඉන්ධන ලබාදීමට ප්‍රමාණවත් නොවුණ හෙයින් නව ඉන්ධන හලක් ලබා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කටයුතු කළේය.


    එම නව ඉන්ධනහල ජනතා අයිතියට පත්කිරීම පසුගියදා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථීකයට විශාල විදේශ විනිමයක් ලබා දෙමින් ආර්ථීකය ශක්තිමත් කළ හැකි එක ම කර්මාන්තය ධීවර කර්මාන්තය බවයි. ඉදිරියේදී මෙම කර්මාන්තය තුළින් ශක්තිමත් ධීවර ප්‍රජාවක් බිහිකිරීම ජනාධිපතිතුමාගේ අරමුණ බව සඳහන් කළේය. ඒ සඳහා මෙම කර්මාන්තයට දියහැකි සියලු ම සහන ලබා දෙමින් යටිතල පහසුකම් මෙන්ම වරායන්වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කර ධීවර ජනතාවට දිය හැකි උපරිම සහයෝගය ලබාදීම අමාත්‍යාංශයේ අමුණයි.

    ධීවර කර්මාන්තයේ උන්නතියට මහත් සේවාවක් වත්මන් රජය විසින් ඉටුකර තියෙනවා. විශේෂයෙන් මෙම ප්‍රදේශයේ ජනතා නායකයා වශයෙන් වත්මන් ජනාධිපතිතුමා මෙම කර්මාන්තයට කළ සේවය අපමණයි. ධීවර අමාත්‍යවරයා වශයෙන් අලුත් වැඩපිළිවෙළ රටට හඳුන්වා දුන්නේ වත්මන් ජනාධිපතිතුමයි. විශේෂයෙන් ධීවර වරායන් නව පන්නයට ඉදිකරමින් සියලු ම යටිතල පහසුකම් ලබාදීමට මුල පිරුවේ ජනාධිපතිතුමා බව මේ ජනතාව හොඳින් දන්නවා. ධීවර නිවාස, දියවර ගම්මාන, සාගර විශ්වවිද්‍යාලය, ජලජීවී වගා අධිකාරිය වැනි ආයතන ශක්තිමත් කරමින් ධීවර කර්මාන්තය නව පණක් ලබා දුන්නා පමණක් නො ව ධීවර ප්‍රජාව ශක්තිමත් කළේ ද වත්මන් ජනාධිපතිතුමා බව ඔහු කීය.

    දකුණු ආසියාවේ විශාල ම ධීවර වරාය ලෙස දික්ඕවිට ධීවර වරාය ඉදිකළා පමණක් නො ව කුඩාවැල්ල, සුදු වැල්ල, ගාල්ල, හම්බන්තොට, බේරුවල ඇතුළු රට වටා අංග සම්පූර්ණ ධීවර වරායන් හා තොටුපොළවල් ඇති කොට කර්මාන්තයට අවශ්‍ය අයිස්, ඉන්ධන සහ යටිතල පහසුකම් වගේම ආපනශාලා, සනීපාරක‍ෂක පහසුකම් ඇති කළේ ද ධීවර අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිතුමාය. ඒ නිසාම රට වටා ඉන්නා ධීවර ජනතාව ශක්තිමත් වී ඇත. ඒ තුළින් රට පුරා සිටින පාරිභෝගික ජනතාවට අලුත් පිරිසිදු මාළු ලබා ගැනීමටත් ධීවර ජනතාවට සාධාරණ මුදලක් ලබා ගැනීමටත් අද හැකියාව ලැබිලා තියෙනවා.

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෑම අය-වැයකින් ම දිය හැකි උපරිම සහනාධාර ධීවර කර්මාන්තයට ලබා දී තිබෙනවා. මෙවර අය-වැය තුළින් ධීවර කෙෂ්ත්‍රයට අවශ්‍ය සියලු අපනයන භාණ්ඩවල 100%ක් තීරුබදු  අඩු කරන්නට කටයුතු කළා. ඒ නිසාම පසුගිය පස් වසර තුළ මත්ස්‍ය නිෂ්පාදනය වගේම ධීවර රැකියාවල නියුතු ප්‍රමාණය 100%කින් වැඩි වී තිබෙනවා. 2005 වසර තුළ ලක‍ෂ 02ක ප්‍රමාණයක් සිටි ධීවර ප්‍රජාව අද වෙන කොට ලක‍්ෂ 09කට ආසන්න වී තියෙනවා. ගෙවීගිය පස් වසරක කාලය තුළ ජනාධිපතිතුමා විසින් ලබාදුන් සහනාධාර මෙම කර්මාන්තයේ දියුණුවටත් ධීවර ප්‍රජාවගේ වර්ධනයටත් හේතු වී ඇත.

    එළැඹෙන සියවසේ නිල් ආර්ථිකය ජයග්‍රහණය කිරීමට හැකි වැඩපිළිවෙළක් දර්ශනයක් ඇත්තේ මහින්ද චින්තනය තුළ බවත් ඒ නිසා ම එම අරමුණ ජයගන්නට හැකි වී තිබෙනවා. ඒ තුළින් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ දැමීමටත් රැකියා අවස්ථා වැඩි කිරීමටත් විදේශ විනිමය ඉපයීමටත් හැකි වීම ධීවර කෙෂ්ත්‍රය ලබාගත් ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතු අතර ඒ තුළින් ධීවර ප්‍රජාවගේ සමාජ, ආර්ථික තත්ත්වය නංවාලීමට හැකිවූවා වාගේම භෞතික වගේම සමාජ යටිතල පහසුකම් දියුණු කිරීමට ගෙවී ගිය පස් වසර තුළ ධීවර අමාත්‍යාංශයට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා යැයි ද පැවසීය.

    අද මේ සුදුවැල්ල ධීවරයාගේ මාළු ටික එදා කොළඹට යන්න පැය හතක් අටක් ගත වුණා. ඒ නිසා අලුත් මාළු ටික කොළඹට ගෙනියන කොට නරක් වී තිබුණා. ඒ නිසා මාළු කොළඹට ගිහින් ණය වෙලයි ධීවරයා ගමට ආවේ. අද වෙන කොට එය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. අල්ලා ගත්ත මාළු ටික අද පැය දෙකෙන් තුනෙන් වගේ කෙටි කාලයකින් කොළඹට ගෙනවිත් අලුත් මාළු විදියට වැඩි මිලකට විකුණා ගැනීමේ පහසුව උදාවෙලා තියෙනවා. මෙයයි ආශ්චර්යයේ වෙනස. මෙය මේ රටේ ජනතාවට අමතක නැති බව මට විශ්වාස යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා ප්‍රදේශයේ ධීවර ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya