අප්‍රේල් 23, 2025
tami eng youtube  twitter facebook

    කිලිනොච්චි සිසුන් වෙත පාපැදි සහ පාසල් උපකරණ

    දෙසැම්බර් 18, 2014

    ‘ගුණ ජය සතුට පදනම’ අනුග්‍රහයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පෙරේදා (16) කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සිදු කෙරිණි.


    එහිදී සිසුන් 106 දෙනෙකු සඳහා පාපැදි, සිසුන් 175 දෙනෙකු වෙත රුපියල් 2500/=ක වටිනාකමින් යුතු පාසල් උපකරණ සහිත පාසල් බෑග් සහ ඔවුන් සඳහා ඩී.එස්.අයි. ආයතනය මඟින් රුපියල් 1000/- වටිනාකමකින් යුත් වවුචරයක් ලබා දුන්නේය.

    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී වූ අතර, ගුණ ජය සතුට පදනමේ කළමනාකරු ඇතුළු කාර්මණ්ඩලය, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571 බලසේනාවේ බලසේනාධිපති, පාසල් සිසුහු, දෙමාපියෝ මෙන්ම ගුරුවරු ද මීට එක් වූහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya