ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වවුනියාවේ මාර්ග කීපයක් ජලයෙන් යටවේ

    දෙසැම්බර් 22, 2014

    වවුනියාව අවට වැව් පිටාර ගැලීම හේතුවෙන් අද (22) දිනයේ ද වවුනියාව හා සෙට්ටිකුලම ප්‍රදේශයෙහි මාර්ග කීපයක් වසා දමා ඇත. පුවර්සන්කුලම-සෙට්ටිකුලම මාර්ගය සහ වවුනියාව - පෙරිය උළුක්කුලම මාර්ග ඉන් ප්‍රධාන වේ.

    ජල ගැලීම හේතුවෙන් වවුනියාවේ පවුල් 704කට අයත් පුද්ගලයන් 2698 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පෙරියමඩු, ශාන්තසෝලේ, ඕමන්ද, පාවක්කුලම, පත්රිකේත කුලම්, මානික්‍ය ඉලුප්පම්කුලම්, නොච්චිමුට්ටේ, පේසාඩිකුලම් ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

     

    මේ අතර පාවක්කුලම් ජලාශ‍යේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පදිංචි වවුනියාව සුඩුවෙන්ද පිලව්, පාවක්කුලම් යුනිට් 01, පාවක්කුලම් යුනිට් 02 ජනතාවට අවධානමෙන් සිටින ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    MAP/CU_dmu-vavunia

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya