ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    2015 ජනාධිපතිවරණය සඳහා මාතරින් තැපැල් ඡන්දදායකයින් 24395 ක්

    දෙසැම්බර් 22, 2014

    2015 ජනාධිපතිවරණය සඳහා මාතර දිස්ති‍්‍රක්කයෙන් තැපැල් ඡන්දදායකයින් වශයෙන් 24395 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. තැපැල් ඡන්ද ඉල්ලූම් පත‍්‍ර 25,694 ක් මාතර මැතිවරණ කාර්යාලය වෙත ලැබී තිබූ අතර එයින් ප‍්‍රතික්ෂේප වී ඇති සංඛ්‍යාව 1299 කි.

    තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා (23, 24) දෙදින තුළ ඡන්ද මධ්‍යස්ථාන 218 ක දී සිදු කෙරේ.

    දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ලබන 26 වැනිදා සිදුකිරීමට නියමිත ය.

     

    මාතර දිස්ති‍්‍රක්කයේ ඡන්ද ප‍්‍රදේශ 07 හි ඡන්ද කොට්ඨාස 444 ක ඡන්දදායකයින් 623,818 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

     

    2015 ජනාධිපතිවරණයේ මාතර දිස්ත‍්‍රික් ඡන්ද ප‍්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථාන 455 දී සිදු කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු සඳහා රජයේ නිලධාරීන් 8776 ක් මැතිවරණ රාජකාරි සඳහා යොදවන බව මාතර දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්. එච්. ආර්. විජය කුමාර මහතා පවසයි

     

    ඡන්ද ගණන් කිරීම මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ දී සිදු කෙරේ.

     

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya