ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    දේශීය බීජ නිෂ්පාදනය සක‍්‍රීය තත්ත්වයට ගෙන ආවේ වත්මන් ජනාධිපතිතුමා - කෘෂිකර්ම අමාත්‍ය

    දෙසැම්බර් 23, 2014
    දේශීය බීජ නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම අඩපණ වී තිබූ මොහොතක විශාල මුදලක් වැයකර දේශීය බීජ නිෂ්පාදනය සක‍්‍රීය කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවති රතු ළූනු හා ලොකු ළූනු බීජ නිෂ්පාදනය හා වගා ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගී වෙමිනි.
     
    මෙම සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් වූවේ ලොකු ළූනු බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාව සඳහා කොරියානු තානාපතිතුමා සහ මෙම සමුළුවට අනුග‍්‍රහය දක්වන කොරියානු සමාගමේ අධ්‍යක්ෂවරයා ද සහභාගී වූහ.
     
    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් කළේ, මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ ලොකු ළූනු නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉතා ම වැදගත් අවස්ථාවක් වන බවයි. රජයේ බීජ ගොවිපොළවල් අත්හැර දමා, ගොවිපොළ සංවර්ධනයට කිසිදු මුදලක් වෙන් නොකරන වටපිටාවක සිට අප දැන් ප‍්‍රවිෂ්ට වී සිටින්නේ රජයේ ගොවිපොළ සංවර්ධනයට කඩිනමින් ප‍්‍රතිපාදන වෙන් කරන යුගයක් වෙතයි. රජයේ ගොවිපොළ විකුණා දමන තත්ත්වය පසු කර රජයේ ගොවිපොළවල සක‍්‍රීය දායකත්වය කෘෂිකර්මාන්තයට යොදා ගැනීමේ පසුබිම මේ වන විට නිර්මාණය වී ඇත.
     
    දේශීය ලොකු ළූනු නිෂ්පාදනය මෙන් ම ලොකු ළූනු බීජ නිෂ්පාදනය කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව සියලු වැඩසටහන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වේ. නිසි ප‍්‍රමිතියෙන් යුත් උසස් තත්ත්වයේ බීජ ගොවීන්ට ලබා දීමෙන් වඩා සාර්ථක ප‍්‍රතිඵල ලබා ගත හැකි බව අපගේ විශ්වාසයයි. එම විශ්වාසය සමඟ අප නිතරම උත්සාහ දරන්නේ ගොවියාට ඉස්තරම් බීජ ලබා දීම තුළින් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමයි. ලොකු ළූනු නිෂ්පාදනය සඳහා රජය සපයන පහසුකම් සමඟ මේ සඳහා කොරියානු රජය දක්වන අනුග‍්‍රහය පිළිබඳවත් කෘතවේදීත්වය සිහිපත් කළ යුතුයි. රජයේ ඉලක්කය ලොකු ළූනු නිෂ්පාදනය ඉහළ නංවන අතරම දේශීය බීජ නිෂ්පාදනය සාධනීය
    මට්ටමක් කරා ගෙන ඒමයි. මේ සඳහා වත්මන් රජය අඛණ්ඩව කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
     
    මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya