ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් 2015දී මිලියන 2,000ක වාර්තාගත ආදායමක්

    දෙසැම්බර් 23, 2014
    ධීවර විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා තමන්ට දුන් උපදෙස් පරිදි මෙරට විසිතුරු මත්ස්‍ය වගාව වර්ධනය සඳහා මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් මේ අනුව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා දැවැන්ත වැඩපිළිවෙළක් යොදා තිබෙන නිසා වර්ෂ 2015 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2,000ක ආදායමක් අපේක්ෂා කරන බවත් වැඩබලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා ධීවර සංවර්ධන කටයුතු කඩිනම් කිරීම උදෙසා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
     
    ගෙවීගිය වසර 3ක කාලය තුළ විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී තිබේ. එනම් වර්ෂ 2010දී විසිතුරු මත්ස්‍ය වාර්ෂික අපනයනය තුළින් ලද ආදායම රුපියල් මිලියන 919ක් විය. එය 2013 දෙසැම්බර් 31 
     
    වන විට රුපියල් මිලියන 1,383ක් දක්වා වර්ධනය විය. එය මේ වන විට රුපියල් මිලියන 1,400 ඉක්මවීමට සමත්ව තිබේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya