ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ටූනා මාළු සඳහා ධීවර සංස්ථාවෙන් සහතික මිලක්

    දෙසැම්බර් 23, 2014
    ධීවර ප‍්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්නට හොඳ සාධාරණ මිලක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ටූනා වර්ගයේ මාළු සඳහා රුපියල් 700.00ක සහතික මිලක් ලබාදීමට රජය පියවර ගෙන ඇති නිසා ලංකා ධීවර සංස්ථාව ටූනා මාළු කිලෝවක් එම මිලට ධීවරයාගෙන් මිල දී ගැනීමට පියවර ගෙන
    තිබේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ධීවර අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා දික්ඕවිට ධීවර වරායේදී පළමු ටූනා මාළු තොගයමිල දී ගැනීම සිදු කළේය. මේ යටතේ ඉදිරියේදී රට පුරාම ධීවරයන්ගෙන් ටූනා මාළු සහතික මිලට ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
     
    ධීවර ප‍්‍රජාව කාලයක් තිස්සේ ධීවර අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට විසඳුමක් ලෙස ලංකා ධීවර සංස්ථාව ටූනා මාළු මිලදී ගැනීම සිදුකරනු ලබයි. 
     
    පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනතාව පරිභෝජනය කරන මාළු වර්ග 7ක් ධීවරයාගෙන් මිලදී ගැනීම සඳහා ස්ථාවර සහතික මිලක් ලබාදෙනු ලැබීය. මේ යටතේ මාළු මිලදී ගැනීමේ ක‍්‍රියාමාර්ගය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් රටපුරාම ආරම්භ කෙරුණි. මෙසේ ධීවර සංස්ථාව මිලදී ගන්නා ටූනා මාළු ඇතුළු මත්ස්‍ය වර්ග සහන මිල යටතේ පාරිභෝගිකයාට අලෙවි කිරීම ධීවර සංස්ථාවේ අලෙවිසැල් මඟින් සිදුකෙරේ.
     
    මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "යුරෝපා සංගමය මඟින් අපේ රටට එරෙහි ඉතාමත් අසාධාරණ ලෙස හා අත්නෝමතික ලෙස පැනවීමට යන තහංචි නිසා අපගේ ධීවර ප‍්‍රජාවට කිසිදු අපහසුතාවක් ඇති නොවන ආකාරයට වෙළෙඳපොළ සකස් කර දීමට ලංකා ධීවර සංස්ථාව හරහා මෙම පියවර ගන්නවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් ධීවර විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිතුමා ලබාදුන්නා. ඒ අනුව අපි රටපුරාම මාළු සහතික මිලක් යටතේ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.ඒ වගේම රුසියාව අපේ රටින් ටූනා මාළු ඇතුළු අනෙකුත් මාළුවර්ග මිලදී ගන්නට සුදානමින් සිටිනවා. මේ නිසා අපිට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රටපුරාම ක‍්‍රියාත්මක කරන අවම සහතික මිලකට මාළු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට මාළු ලබාදීමේ අවස්ථාව උදාවෙනවා යැයි ද පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ වන විට උපදෙස් දුන්නේ රටපුරාම ධීවර ක්‍ෂේත‍්‍රයේ පවතින අඩුපාඩු, ගැටලු කඩිනමින් විසඳා ධීවරයන්ගේ ප‍්‍රමුඛතාව අනුව දැනට පවතින ගැටලු නිරාකරණය කරදෙන්න කියලයි. සෑම ධීවර වරායකම, නැංඟුරම්පොළකම, තොටුපොළකම තියෙන ගැටලු හඳුනාගෙනඒවා ඉදිරි කාලය තුළ විසඳීමට පියවර ගන්නා ලෙසත් අපට උපදෙස් දුන්නා. මේ අනුව අපි පළාතෙන් පළාත ධීවරයන් හමු වී ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ස්ථිරසාර විසඳුම් ලබාදීමට පියවර ගෙන තියෙනවා" යැයි ද ඔහු පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya