ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලාංකේය උරුමය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් අද තංගල්ලේ දී

    දෙසැම්බර් 24, 2014

    ලාංකේය පුරාවිද්‍යා උරුමයේ වැදගත්කම සහ පුරාවස්තු ආඥාපනත පිළිබඳ ව ග‍්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ග‍්‍රාමීය මට්ටමින් භූමිය පිළිබඳ ව තීන්දු තීරණ ගනු ලබන රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද (24) තංගල්ල  ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.


    සංවර්ධනය හමුවේ අවදානමට ලක්වීමේ ඉඩක් ඇති පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමත් පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ නිලධාරීන් දැනුමින් සන්නද්ධ කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ. 2015 වසරේ මාතර දී පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනයට පූර්වගාමීව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි. 

    පසුගිය 16 දින ඇරඹි මේ සම්මන්ත්‍රණය මාලාව ලබන 31 දින දක්වා දකුණු පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya