ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර නිසා අවතැන් කඳවුරුවල සිටින ජනතාවට තවදුරටත් සහන

    දෙසැම්බර් 24, 2014

    පසුගිය 20දා සිට ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ව සිටි පිරිස් රඳවා සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 82 සිට 63 දක්වා අඩු වී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ ඒකකය පවසයි. 


    මේ වන විට මධ්‍යස්ථාන 63ක් තුළ පවුල් 2,131ට අයත් 7,166 දෙනෙක් රැඳී සිටිති. ඔවුන්ට පිසූ ආහාර ලබා දීම අඛණ්ඩව සිදු කෙරේ. මීට අමතරව දේපළ හා වගා හානි තක්සේරු වාර්තා ලබා ගැනීම් කටයුතු ද ආරම්භ කර ඇත.

     අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා පැවසුවේ, ජනතාවට සහන සැලසීම කඩිනමින් කිරීම සඳහා හානි වූ දෑ පිළිබඳ තක්සේරු වාර්තා හැකි ඉක්මනින් ලබා ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
     
    NDH/SB-dmu anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya