ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර ජල ගැලීම් පාලනය වෙයි

    දෙසැම්බර් 24, 2014
    අනුරාධපුර අවට ප්‍රධාන ජලාශවල වාන් ජලය නිකුත්වීම හේතුවෙන් ඇති වූ අවදානම් තත්ත්වය මේ වන විට පාලනය වී තිබෙන බවත් ජලාශ සියල්ල ම පාහේ වාන් දමමින් තිබුණ ද නිකුත්වන ජල ප්‍රමාණය ඊයේ (23) දිනට සාපේක්ෂව අඩුවෙමින් පවතින බවත් දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා පැවසීය. 

    මේ අනුව අභය වැව, මහ කනදරාව වැව, නුවර වැව, තිසා වැව, මානන්කට්ටිය, හුරුළු වැව, තුරුවිල  හා නාච්චාදූව  යන ජලාශයන්හි වාන් ජලය නිකුත්වීම අඩුවෙමින් පවතී.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ද මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදාගෙන සිදුකරන ජීවිතාරක්ෂණ සේවාව ද තවදුරටත් ක්‍රියාත්මක වේ. 

    දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  ඒකකයේ  සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසුවේ, ජල ගැලීම්වලින් සිදුවන ආපදා අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු ම පියවර ගන්නා බවත් පසුගිය 20දා සිට මෙතෙක් 500 දෙනෙකුට ආසන්න මිනිස් ජීවිත බේරාගැනීමට හැකි වූ බවත්ය.

    NDH/SB-dmu anuradhapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya