ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන - සම්පත් පුද්ගල නාමාවලිය සැකසීම

    දෙසැම්බර් 25, 2014

    ශ්‍රී ලංකාවේ පාසල්වල ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම උදෙසා ගුරු භවතුන්ගේ වෘත්තීය නිපුණතා පාසල් මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා සහය ලබාගත හැකිවන පරිදි සම්පත් පුද්ගල නාමාවලියක් සැකසීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.


    මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ මෙන්ම පොදු ගුරු කුසලතා සංවර්ධනය සඳහා සහය විය හැකි සම්පත් පුද්ගලයන් හඳුනාගැනීම තුළින් ඔවුන්ගේ දායකත්වය ඵලදායීව හා කාර්යක්ෂමව ගුරු සංවර්ධනය සඳහා යොදා ගැනීමයි. 

    මේ සඳහා දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන / විශ්‍රාමික මෙන්ම එයට දායක විය හැකි වෙනත් ක්ෂේත්‍රවල සිටින දේශීය / විදේශීය ශ්‍රී ලාංකික සම්පත් පුද්ගලයන්ට ද අයදුම් කළ හැකි ය.

    අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් (www.moe.gov.lk) මෙන් ම කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ද ලබා ගත හැකිය.

    දක්වා ඇති උපදෙස් පරිදි පිළියෙළ කරන ලද සියලු ම අයදුම්පත්‍ර ලිපි කවරයක බහා එහි වම්පස ඉහළ කෙලවරේ "පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන - සම්පත් පුද්ගල"  යනුවෙන් සඳහන් කොට ලියාපදිංචි තැපෑලෙන් 2015 ජනවාරි 15 දිනට පෙර ලැබෙන පරිදි අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතුය.

    සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකින් පසු අයදුම්කරුවන් තෝරා ගනු ලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya