ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුව පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 05ක් අද සිසු අයිතියට

    දෙසැම්බර් 25, 2014

    මහින්දෝදය පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සබරගමුව පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාණගාර 05ක් අද (25) සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.


    ඒ අනුව අද පෙ.ව. 7.30ට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, මීපාගම ජයන්ති මහා විද්‍යාලය, පෙ.ව 9.30ට බලංගොඩ, ඇම්බෑවිල වජිරවංශ මහා විද්‍යාලය, පෙ.ව 11.00ට වැලිගෙපොළ වලගම්බා මහා විද්‍යාලය, ප.ව. 1.30ට ආනන්ද මෛත්‍රීය මහා විද්‍යාලය හා ප.ව 3.00ට ඇඹිලිපිටිය, කොළඹගේ ආර මහා විද්‍යාලවල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කරනු ඇත.

    පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත ව මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ. 


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya