ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල ග්‍රාම නිලධාරී වසම් 256ක පවුල් 2985කට ගංවතුරෙන් හානි

    දෙසැම්බර් 31, 2014

    කුරණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 256ක පවුල් 2,985කට අයත් සාමාජිකයන් 9,560 දෙනෙකුට ගංවතුරෙන් හානි සිදු වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය. 


    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ම ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති අතර මේ වන විටත් අවතැන් කඳවුරු 30ක පවුල් 620කට අයත් පුද්ගලයන් 2,022ක් රැඳී සිටිති.

    ගංවතුරෙන් පූර්ණ නිවාස හානි 120ක් ද අර්ධ හානි 70ක් හා මරණ 02ක් ද වාර්තා වී ඇත.

    ගංවතුරෙන් වැඩියෙන් ම හානි සිදු වී ඇත්තේ බිංගිරිය, රස්නායකපුර, නාරම්මල, පන්නල හා කොබෙයිගනේ ප්‍රදේශවලට බව ද ඔහු සඳහන් කළේය.

    NDH/AK-kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya